(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන් විසිහත් දහසක් අධි මන්දපෝෂණයටද දරුවන් දෙලක්ෂ හත්දහසක් මන්දපෝෂණයටද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිනී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
පාසල් දරුවකුගේ දිවා ආහාර වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ රුපියල් 60ක් පමණක් බවද එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද විජේරත්න මහත්මිය කීවාය.
බරපතළ පෝෂණ අහේනියකට ලක්ව සිටින ගර්භනී මවුවරුන්ගේ පෝෂණ තත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පැවසූ මන්ත්‍රීවරිය ඔවුන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද සඳහනන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගණන් හිලව් හරියටම කියන්න. මෙයාට දිව්‍යඥාණය පහළ වුණාවත්ද? පුතාණෝගේම කල්ලියේ එක්කෙනෙක්නේ... අනේද කියන්නේ..?
ඔයාගේ ගෙදර අපේ නාඋල ගම ලඟමයි. ඔයා දුප්පත් ළමයෙක් වෙනුවෙන් ගමට කළ සේවය කියන්නකෝ? අපි නිතරම දකිනවා ඔයාට මැඩම් කිව්වේ නැත්නම් ආරූඪ කරගන්නා නාග වේශය...!