(යොහාන් භාසුර)
පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (4) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් තරගකාරී අධ්‍යාපනයට සහ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත් එම නිලධාරියා කීය.
දරුවන් වර්තමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම නිසා දරුවන් නිරන්තරයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලට ගොදුරු වන බවත් ඒ හේතුවෙන් ඇතැම් දරුවන් සදාකාලිකව ආබාධිතයන් බවට ඉඩ ඇතැයි වෛද්‍ය වාර්තා සනාථ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළ පොත් වාරවලට බෙදලා මුද්‍රණය කරලා සී ආර් පොත් හා මොනිටර් පොත් නවත්වලා පිටු 80 පොත්වලට සීමා කරන්න. තව එකක් තව දවසකට පුළුවන් විෂයන්ට පීරියඩ් දෙකක් වැටෙන්න කාලසටහන් හදන එක ඉන්න ගුරුවරු ප්‍රමාණයයි, පන්ති සංඛ්‍යාවයි එක්ක ලේසි වැඩක් නොවෙයි...
චක්‍රලේඛය ගැසූ පමණින් පොත්වල බර අඩුවෙන ලස්සන...