IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


දරුවන්ගේ නිරෝගී පැවැත්මට ‘පලතුරු‘

පලතුරු රසවත්ය, ස්වාභාවික ආකාරයෙන්ම අනුභව කළ හැකියි, සෞඛ්‍යයට හිතකරයි, පෝෂණයෙන් අනූනයි. ළදරුවන්ට අමතර ආහාර හඳුන්වා දීමේ මුල් කාලයේ සිටම පලතුරු හඳුන්වා දෙනුයේ ඉහත හේතු නිසාවෙනි. එනිසාම පලතුරු යනු සමබල ආහාර වේලක අඩංගු ප්‍රධාන අංගයකි.

ළදරුවන්ට පලතුරු දිය යුත්තේ කොහොමද?

මෙහිදී බොහෝ අවස්ථාවලදී පලතුරු මිරිකා යුෂ වශයෙන් ළදරුවන්ට ලබා දීමට මවුවරු කටයුතු කරති. එහෙත් වඩා උචිත වන්නේ පලතුරු වශයෙන් ආහාරයට ගැනීමයි. සාමාන්‍යයෙන් මාස 06 සම්පූර්ණ වී අමතර ආහාර දීම අරඹන අවස්ථාවේ සිටම පලතුරු ලබා දිය යුතුවේ. ප්‍රධාන ආහාර වේල වන මිශ්‍ර බත අතරට පලතුරු එකතු කළ හැකිය. පලතුරු යනු ප්‍රධාන ආහාර වේලක් නොව ආහාර වේලක කොටසක් පමණි. කෙටි ආහාරයක් ලෙසින්ද පලතුරු හැඳින්වීමට පුළුවන.

හොඳින් සෝදා ගත් පලතුරෙන් කැබැල්ලක් පිරිසුදු පිහියකින් කපා උණු ජලයෙන් තම්බා ගත් හැන්දක් ආධාරයෙන් පලතුරෙහිම තබා පොඩිකර ළදරුවාට කැවිය හැකිය.මෙයාකාරයටම තව වරක් දෙවැනි දිනයේදීත් උත්සාහ කරන්න. එහෙත් කිසිම විටෙකදී බලෙන් කැවීමට යාම සුදුසු නැත. එම පලතුර දින කිහිපයක් නොදී සිට නැවත දීම ඇරැඹිය හැකියි. එයාකාරයට දිනෙන් දින අලුත් සහ නැවුම් පලතුරු වර්ග හඳුන්වා දීමට පුළුවන.

ළදරුවාට සුදුසු පලතුරු වර්ග

පැපොල් , අලි පේර, අඹ, කෙසෙල්, දෙළුම්, කොමඩු, නාරං වැනි පලතුරු වර්ග ළදරුවාට ඉතා හිතකරවේ. පසුව ක්‍රමයෙන් අනෙක් පලතුරුද හඳුන්වා දිය හැකිය.

දරුවන්ට පලතුරු අනුභවය වැදගත් ඇයි?

සමබල ආහාර වේලේ ප්‍රධාන අංගයක් වන්නේ ආරක්ෂක ආහාරයි. ආරක්ෂක ආහාර යනු සිරුර අභ්‍යන්තරය මෙන්ම මතුපිටත් , රෝගවලිනුත් ආරක්ෂා කිරීමට, ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාදාම නිසි අයුරින් සමායෝජනය කිරීමට අවශ්‍ය පෝෂක එනම් විටමින් හා ඛනිජ වර්ග, ප්‍රතිඔක්සිකාරක තන්තු ඇතුළත් ආහාර වර්ගයි. ශක්තිය හා වර්ධක ආහාරවලින් ලැබෙන පෝෂක කිසි අයුරින් ශරීරය තුළදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂක ආහාර උපකාරී වේ.

මේ සඳහා අයත් වන්නේ එළවළු, පලතුරු සහ පළා වර්ගය. ශරීරයට හිතකර පලතුරු ශරීරය ආරක්ෂා කිරීම පවා සිදු කරයි.

පලතුරුවල අඩංගු වන්නේ මොනවාද?

ප්‍රධාන විටමින් වර්ග වන විටමින් A, B,C,D,E සහ K යන විටමින් අඩංගුය. ඛනිජ වර්ග වන යකඩ, කැල්සියම්, පොස්පරස්,අයඩින්,සින්ක්, මැග්නීසියම් ,සෙලේනියම්,වැනි ඛනිජ වර්ග ඇතුළත්ය. තන්තු ගැන කතා කළහොත් ආහාර ජීරණ පද්ධතිය තුළදී ස්‍රාව බවට පත් වන තන්තු පලතුරුවල අඩංගුය. මේවා ආහාර ජීරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය ඇති කරයි. මළ බද්ධය, අන්ත්‍ර රෝග සහ පිළිකා වලක්වයි. එසේම ප්‍රතිඔක්සිකාරක ගැන කිවහොත් පලතුරුවල විවිධ පාට පෝෂණය සෘජුව සම්බන්ධ නොවූවද ශරීරය ආරක්ෂා කිරීමට, පිළිකාමය තත්ත්ව ඇති නොවීමට,රුධිර සංසරණ පද්ධතියේ රුධිර වාහිනී හා හෘදයේ සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කිරීමට උපකාර වේ.

විවිධ රසවලින් යුත් පලතුරු ආහාර රුචිය වර්ධනය කරවයි.

පලතුරුවල ඇති විටමින, ඛනිජ, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක සිරුර ආරක්ෂා කරන අයුරු

පලතුරුවල ඇති විටමින් සහ ඛනිජ අපේ ශරීරයේ ඇති එන්සයිම හා හෝමෝන වැනි ශරීර අභ්‍යන්තර ක්‍රියාවන් සමායෝජනය කරන ක්‍රියාවලිවල සංඝටක වේ. උදාහරණයක් ලෙස යකඩ අඩු වුවහොත් රතු රුධිරාණු තුළ ඇති හිමොග්ලොබින් වර්ණකය නිෂ්පාදනයට බලපෑම් ඇති වේ. ඒනිසා හිමොග්ලොබින් අඩුවේ. හිමෝග්ලොබින්වලින් සිදු කරන ප්‍රධාන කාර්යයක් වන්නේ ශරීරයේ විවිධ පද්ධතිවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් එම පටකවලට ලබා දීමයි. එය නිසි ප්‍රමාණයට සිදු වුවහොත් එම ඉන්ද්‍රිය පද්ධති නිසි අයුරින් ක්‍රියා කෙරේ. උදාහරණයක් ලෙස ස්නායු පද්ධතිය ගතහොත් මොළය සහ ස්නායු පද්ධතිය විකසනය වන කාලයේදී නිසි පමණට ඔක්සිජන් නොලැබුණහොත් ස්නායු සෛල නිසි අයුරින් වර්ධනය නොවේ. එහි ප්‍රතිඵල ලෙස බුද්ධිය අඩු වීම, ඉගෙනීමේ හැකියාව- ගණිතමය හැකියාව දුර්වල වීම, රෝග ඔරොත්තු නොදීමේ හැකියාව ආදිය දැක්වීමට පුළුවන.

මේ අයුරින් තන්තු සහිත ආහාර විශේෂයෙන් පලතුරු, එලවළු, පළා නොලැබුණහොත් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදු නොවේ. ඒ හේතුවෙන් මළ බද්ධය, අන්ත්‍රවල පිළිකා ඇති වීමේ අවදානම වැඩි වේ. එමෙන්ම පලතුරුවල අඩංගු දියවෙන සුළු තන්තු ( පෙක්ටින්) ආහාර මාර්ග පද්ධතියේ සෞඛ්‍ය රැකදෙයි.

එමෙන්ම විවිධ පාටින් යුත් පලතුරුවල අඩංගු ප්ලෙවොනොයිඩ්ස් වැනි සංයෝග පිළිකා ඇති වීම වැලැක්වීමටද උපකාරී වේ.

ඊට අමතරව හෘදය සහ රුධිර වාහිණී පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමටද , සමේ මනා පැවැත්මටද, අස්ථිවල මනා පැවැත්ම සඳහාද ආහාර දිරවීමේ ක්‍රියාවලිය යථාවත්කිරීමටද , රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමටද , සිරුරේ බර පාලනයටද පලතුරු නිසි ප්‍රමාණයෙන් අනුභව කිරීම ඉතා වැදගත් වේ.

පලතුරුවලින් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේද සුළු ප්‍රමාණයක් ශරීරට ලැබෙන නමුත් ක්ෂුද්‍රපෝෂක වන විටමින්, ඛනිජ හා තන්තු විශාල වශයෙන් ලැබෙන ප්‍රභවයක් වේ.

උදාහරණ ලෙස අලිගැට පේර ගතහොත් එහි පොටෑසියම්, මැග්නීසියම්, සිරුරට හිතකර අසංතෘප්ත වැඩිවශයෙන් ඇත.

දොඩම්- කැල්සියම්, යකඩ, පොස්පරස්, සින්ක්, විටමින් ‘සී‘ , මතක ශක්තිය, මොළයේ වර්ධනය වේගවත් කිරීමට මෙන්ම සෛල ආරක්ෂා කිරීමට එය ප්‍රයෝජනවත්ය. පිළිකා නාශක ගුණයක්ද දොඩම්වල ඇත.

බෙලි- විටමින් ‘බී‘ කාණ්ඩයේ විටමින , විටමින් ‘ඒ‘ හා ‘සී‘ මෙන්ම කැල්සියම් , පොස්පරස්, පොටෑසියම්, යකඩ බෙලිවල අඩංගුය.

කොමඩු- විටමින් ‘ඒ ‘ හා ‘සී‘, ෆෝලේට, මැග්නීසියම්, යකඩ එහි අඩංගුය.

ඇඹරැල්ලා - කැල්සියම්, පොස්පරස් සහ යකඩ අඩංගුය. ෆෝලේට බහුල පලතුරු ලෙස කෙසෙල්, අන්නාසි, දෙහි, දොඩම්, ඇඹරැල්ලා යකඩ බහුල පලතුරු ලෙස රඹුටන්, සැපදිල්ලා, සියඹලා, අන්නාසි ,පැෂන් පෘට්, ඔලිව්, නෙල්ලි, කොමඩු, දූරියන්, පේර, ලෙමන්, කාමරංගා, අඹ, ඇපල්, රට ඉඳි, චෙරි, පීචස් ආදිය.

විටමින් ‘සී ‘ බහුල පලතුරු

නෙල්ලි, පේර, කජු පුහුලන්, කාමරංගා, දොඩම්, නාරං, පැපොල්, අන්නාසි, වෙරළු

ප්‍රෝටීන විශේෂයෙන් අඩංගු පලතුරු ලෙස

කෙසෙල්,අලි පේර, දෙහි, ජම්බෝල, දූරියන්, රට ඉඳි, ඔලිව්, පැෂන් පෘට්, දෙළුම්, රඹුටන්, දිවුල්, සියඹලා

මේ අයුරින් බලන විට අපේ රටේ බහුලව දක්නට ලැබෙන පලතුරු බොහොමයක් අපේ එදිනෙදා විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍යතා සම්පූර්ණ කරයි. දිනකට එලවළු, පලතුරු 05ක්වත් ආහාරයට ගැනීමට නිර්දේශ කරන්නේ මෙම විටමින් ඛනිජ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහාය. එවිට ක්ෂුද්‍ර පෝෂක ඌනතා රෝග වන විටමින් ‘ඒ‘ ඌනතාව යකඩ ඌනතා නිරක්තය මෙන්ම අයඩින් , සින්ක් ඌනතා රෝගවලින්ද වැලකී සිටීමට හැකි වේ.

මේ අනුව ළදරු කාලයේ සිටම ඒ ඒ වයස් කාණ්ඩයට ගැලපෙන අයුරින් දිනපතා පලතුරු දෙක තුනක්වත් ආහාරයට ලබා දිය යුතුය. ඒ තුළින් ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභ ලබා නිරෝගී දරුවකු ලෙස වර්ධනය වීමට අවස්ථාව සලසා දිය යුතුය. සීනි සහිත රස කැවිල්ලකට වඩා සොබාවික පලතුරක් ලබා දීමට හැම විට උත්සාහ කරන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දරුවන්ගේ නිරෝගී පැවැත්මට ‘පලතුරු‘

ඔබේ අදහස් එවන්න

දියත

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට
2024 මැයි මස 07 946 0

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 90 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 1968 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 1399 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 1680 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 855 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 523 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1978 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1748 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site