IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවන්ගේ අක්මා,කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින් දෙයි

(අංජුල මහික වීරරත්න)

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 

රටේ අනාගතය වන දරු පරපුරේ සුබ සිද්ධිය සහ දුප්පත් මව්පියන්ට සහනයක් සැලසීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙම උපදෙස් ලබා දී ඇත.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම වලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක  උපරිමයකට යටත්ව මෙම ජනවාරි 1 දින සිට ජනාධිපති අරමුදලින් මුදල් ලබා දෙයි.

 ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ  සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදු කළ යුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියලු දෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොලය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර දෙකක් ඇතුලත  කළයුතු බව වෛද්‍ය මතයයි.



අදහස් (2)

දරුවන්ගේ අක්මා,කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින් දෙයි

චතුරි Monday, 12 February 2024 03:06 AM

මේක හොද දෙයක්. ගොඩක් පරක්කුවෙලා පටන් ගත්තෙ. නායකකම නැතිවුනත් ඔබගෙ දේපල මුදල් මේ දරුවන් වෙනුවෙන් අයින් කරන්න. නැතිනම් චන්දේ ඉවරවුනාට පස්සෙ මේ කරන කියන දේවල් නවතිනවා

:       0       2

Chandima Monday, 12 February 2024 07:31 AM

කෙහෙළියගේ බේත්වතුර විදලා නරක්වුණු කට්ටියටත් දෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site