(සුජිත් හේවාජුලිගේ )
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021 අතර කාල පරිච්ඡේදයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම් 2367 ක් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා වැඩිම මැදිහත්වීම් කර ඇත්තේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවද එම වාර්තාවේ දැක්වේ. බැලූ බැල්මට ඒවා නියෝග ලෙස සැලකිය හැකි ලිපි බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අනුව අමාත්‍යවරුන් මැදිහත්වීම් 861 ක්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත්වීම් 654 ක්ද කර ඇත.
මෙයට අමතරව දරුවන් පාසල් වලට ඇතුළු කිරීම සඳහා අමාත්‍යාංශ දේකම්වරුන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මැදිහත්වීම් 190 ක්ද අගමැති කාර්යාලයෙන් මැදිහත්වීම් 160ක්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් 53 ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 43 ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 45ක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මැදිහත්වීම 40ක්ද දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ වෘත්තිය සමිති වලින් මැදිහත්වීම් 36ක්ද විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත සංගම් වලින් මැදිහත්වීම් 25ක්ද පාර්ලිමේන්තුවෙන් මැදිහත්වීම් විසි හතරක්ද ජනාධිපති කාර්යාලයෙන් මැදිහත්වීම් 20ක්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් දහයක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් පහළොවක්ද ආණ්ඩුකාරවරුන් මැදිහත්වීම් දෙකක්ද කර ඇත.
මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු සිය ලිපිවල අයදුම්කරුවන් සමග පවතින දේශපාලනමය සම්බන්ධතා දක්වා තිබූ අතර අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවකගේ නම් එම අයදුම්කරුවන්ට ලබාදිය යුතු පාසලද නිශ්චිතව නම් කරමින් ලැයිස්තු ඉදිරිපත් කර තිබූ බවද සඳහන්වේ.
ඇතැම් ඉල්ලීම් සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ජංගම දුරකතනයට යොමු කර තිබූ බව පැවසේ. මෙම ඉල්ලීම් නිර්දේශ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයා 2020 ජනවාරි 1 සිට 2022 මැයි දක්වා ලිපි 3559ක් නිකුත් කර තිබූ බව වාර්තාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් හොඳ පාසල්වලට දාන්න අතපෙවීම් කරපු අය මෙන්න
Hafeel Thursday, 15 February 2024 01:00 PM
තත්වය මෙහම නම්, රටට නීතියක් අවශ්‍ය නැහැ. ඔවුන්ම නීති සම්පාදන කරලා, ඔවුන්ම නීතිය කඩනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයක් මෙහම කළා නම්, බී වාර්තාව, අධි චෝදනා හදල ඔවුන්ව හිරෙටම තල්ලු කරනවා. මේවා වෙනස් කරන්න නම්, මාලිමාව බලයට ගෙන්න ඕනේ.
AaaaaFriday, 16 February 2024 05:43 PM
මාලිමාවේ අයත් ඔතන ඇති...!