IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ

(දයාරත්න ඇඹෝගම)

දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගත්තේය.

මිය ගිය මෙම මව හොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට ප්‍රතිකාර සදහා ඇතුළත් කළාය.

දරුවන් පස් දෙනකු සිටියත් මෙම අසනීප මව බැලීමට කිසිවකු පැමිණ නැති අතර කාත් කවුරුත් නොමැතිව රෝහල තුළම අවසන් සුසුම් හෙලීය.

හොරොව්පොතාන ලේවාසපිරි වැව ගමේ පදිංචිවී සිටි මෙම මව මියගිය බවට දරුවන් දැනුවත් කළ ද පැමිණියේ එක දරුවකු වන අතර ඔහු ද මව හඳුනාගෙන සුළු වෙලාවකින් අතුරුදහන් විය. නැවත පැමිණියේ නැත.

රෝහල් ගත වූ දින සිටම රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලය ද මෙම මවට ඉතා ආදරයෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථාන සිදු කළ අතර රෝගී තත්වයෙන් මිය යන තෙක්ම ඔවුන්ගේ නොමද ආදරය ලැබීමට තරම් භාග්‍යවන්ත වුවාය.

 



අදහස් (12)

දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ

ගමේ එකාලා Wednesday, 04 December 2024 05:07 PM

තමන් හැදූ වැඩූ දෙමාපියන්ට නොසළකන පව්කාර දරුවෝ...

:       4       127

mahesh Wednesday, 04 December 2024 07:41 PM

මේවා දකින කොට මට පුදුම දුකක් හිතට එන්නේ. මට මගේ අම්මා මතක් වෙනවා. එයා වඩාගන දුවන්න හිතෙනවා. ඒ තරමට මම එයාට ආදරෙයි...

:       0       2

B Amarasinghe Wednesday, 04 December 2024 07:58 PM

දරුවන්ට යහපතක් වේවා..!

:       0       0

Mangala Wednesday, 04 December 2024 09:18 PM

රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොවෙයි, නගරයේ තරුණ කාලෙත් මිහිදන් කිරීමට උදව් කළා... ඔවුන්ටත් ස්තූති කරන්න..

:       0       1

Nihal Wednesday, 04 December 2024 10:09 PM

මේ අය වයස්ගත වුණාමත් ඒ ටිකමයි

:       0       0

Nihal DHARMATILEKE Wednesday, 04 December 2024 10:49 PM

රෝහල් කාර්ය මණ්ඩලයට කවමදාකවත් දුකක් හෝ කරදරයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       33

රට වැසියා Thursday, 05 December 2024 06:47 AM

දුප්පත්කම හැර වෙන හේතුවක් නැතිව ඇති, සාමුහිකව මළගමක වියදම් බෙදී නොයන්නේ නම් තනි මිනිසෙකුට එය දරාගත නොහැකි තරමට දුප්පත්කම ප්‍රභලයි. වෙන කුමක් කරන්නද?

:       22       10

Nimantha Thursday, 05 December 2024 08:07 AM

බිහි කර හැදූ වැඩූ දරුවෝ පව් කාරයො උනාට, පින්වන්ත දරුවන් රොත්තක් රෝහලේදී ලැබුණු මෑනියන්ට සුහතිගාමී භව ගමනක් වේවා ..

:       0       10

Bunny Preena Thursday, 05 December 2024 09:09 AM

සමාජය මෙතෙරම් පිරිහිම ගැන බොහොම කණගාටුයි...

:       0       33

fairoos Thursday, 05 December 2024 11:57 AM

ඒ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න මෙහෙත් කාලකන්නි

:       2       25

sajee Thursday, 05 December 2024 12:14 PM

මෙයාලාටත් උන්ගේ දරුවෝ කරන්නේ ඕකම තමයි

:       2       18

Thunder Attack Friday, 06 December 2024 12:59 PM

වදාපු උන් පුත්තු නම් අනිවාර්යයෙන් උන් බැදපු ගෑනුන්ට බයේ ඇති..දුවලා නම් උන්ගෙ බැදපු පිරිමින්ට බයේ ඇති..අම්මා කියන්නෙ මෙි විශ්වයේ ඉන්න උතුම්ම ආශිර්වාදය ලද කෙනෙක්.ඔය දරැචෝ මැරෙද්දිත් ඔය වගේම විපාක පඩිසන් දීලා තමයි මැරෙන්⁣නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site