IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරුවන් තිදෙනා මුදල් හා රන් භාණ්ඩ අහුලා හිමිකාරියට දීලා

(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)

මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක සහිත රන් භාණ්ඩ කීපයක් අහුලා හිමිකාරියට ලබාදීමට මහනුවර මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් දෙදෙනකු කටයුතු කර ඇත.

රුපියල් 90000/= ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සහිත පසුම්බිය අහුලා තමන් ඉගෙනුම ලබන විදුහලේ ගුරුතුමිය වෙත බාරදී ,විදුහලේ විදුහල්පති මගින් එම මුදල් පසුම්බිය සහ රන් භාණ්ඩ ඒවා අයිතිකාර කාන්තාවට බාරදීමට කටයුතු කළේය.

මෙම  දරුවන් තිදෙනා මහනුවර මැණික්හින්න මහාවිද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබයි.

මධුසංඛ රුක්ෂාන් (13), යසිත් චමල් රත්නායක(13), සහ ඉසුරු චමත්සේනාධීර (13) යන මෙම සිසුන් තිදෙනා පෝය දින විදුහලේ නර්ථන පංතියට පැමිණෙමින් සිටියදී පාරේ බිම වැටී තිබූ පසුම්බිය දැක එය අහුලා එය විදුහලේ නර්ථන ආචාරීණී ඉන්දිකා ඉඹුලාවල මහත්මියට බාරදීමට කටයුතු යොදා ඇත.

පසුව විදුහල්පති සේනක ඉන්ද්‍රජිත් මහතා මාර්ගයෙන් මෙම මුදල් සහ රන් භාණ්ඩ හිමි කාන්තාව පිළිබඳ විස්තර තහවුරු කරගෙන ඇය විදුහලට ගෙන්වා, මුදල් හා රන් භාණ්ඩ සහිත පසුම්බිය ඇයට බාර දීමට පියවර ගනු ලැබීය.

තමන්ගේ නැතිවූ මුදල් සහ රන් මුදුව ආපසු තමන්ට ලබාදීමට පියවර ගත් මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් තිදෙනාටත් විදුහල්පති තුමා සහ නර්ථන ආචාරීණියටත් ඇය ප්‍රසංසා කළාය.



අදහස් (7)

දරුවන් තිදෙනා මුදල් හා රන් භාණ්ඩ අහුලා හිමිකාරියට දීලා

Thilak Wednesday, 24 July 2024 05:10 AM

ආචාර්ය මණ්ඩලයටත්, එම දරුවන්ගේ දෙමව්පියන්ටත් ඉතාම ආඩම්බර වියහැකි කාරණයක් මේක... මෙවැනි දරුවන් අද අපේ රටට වැඩි වැඩියෙන් වුවමනා කාලයක් මේ... පුතාල තුන්දෙනාට මගෙන් මල්මිටක්...!

:       2       10

Lankabarana Wednesday, 24 July 2024 06:32 AM

අන්න නියම විදුහල්පති කෙනෙක් ගුරුතුමියක් හා දරුවො තිදෙනෙක් .ඔවුන්ට ජයවේවා තෙරුවන් සරණයි හයපතක්ම වේවා

:       0       22

මහසෙන් Wednesday, 24 July 2024 07:11 AM

යුගය අනුව බලන කල ඉතාම උතුම් ආදර්ශමත් ක්‍රියාවක් කල මේ දරුවන් ඇගයීමට අවැසිය . මක් නිසාද සියලු දරු පරපුරට ආදර්ශයක් ලෙස.

:       0       21

ගුරු දෙගුරු Wednesday, 24 July 2024 07:44 AM

"ගුණ, නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු " ..... විභාග සීයක්‌ පාස් කෙරුවත් ගුණයක් , හැදියාවක් නැති දරුවෙකුගෙන් තමන්ටත්, සමාජයටත් වෙන්නේ අයහපතක්.... ඔබ සැමට අපගේ ගෞරව ප්‍රණාමය.

:       0       17

Pradeep Kumara Wednesday, 24 July 2024 08:00 AM

අනාගතය භාර ගැනීමට සිටින ශ්‍රේෂ්ඨ දරුවන් තිදෙනෙක්. ආඩම්බරයි පුතේ. ඔවැනි දරුවන් සමාජයට බිහිකල දෙමාපියන්ටත් මාගේ ප්‍රණාමය.

:       0       19

priyantha Wednesday, 24 July 2024 09:59 AM

නියමයි

:       0       28

SUNIL MILANO Wednesday, 24 July 2024 10:21 AM

ජාතියේ පිනට උපන් දරුවන්ට උපහාර කල යුතුමයි. පුතාලටත් දෙමාපියන්ටත් ගුරුභවතුන්ටත් බුදු සරණයි

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site