IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’

(යොහාන් භාසුර)

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (14) පැවසීය.

කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එසේ පැවසීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට බලපෑම් ඇතිවීමෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් රජරට විශ්වවිද්‍යාලයේ 3,500 ක් පමණ වන නේවාසික සිසු සිසුවියන් නේවාසිකාගාරවලින් පිටව ගොස් ඇති බවත් අමරතුංග මහතා කීය.

‘කොවිඩ්’ වසංගතයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි දරුවන් 2022 වසරට නියමිත උසස් පෙළ විභාගයට 2023 වසරේ පෙනී සිට විශ්වවිද්‍යාලවල පළමු වසරේ අධ්‍යාපනය ලබන බවත් 2023 වසරේ විභාගය මෙම වසරේ පවත්වා මේ මස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ශිෂ්‍ය අත්පොත සකස් කිරීමේ කටයුතු ඇනහිටීමෙන් දරුවන් විශ්විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රමාදවී බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්ජනය හේතුවෙන් එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමාද වීම සහ අධ්‍යයන කටයුතු ඇන හිටියහොත් එම කණ්ඩායම් දෙකම පළමු වසරේම රැදී සිටීමේ අවදානමක් ද ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (10)

’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’

ජයනාත් Tuesday, 14 May 2024 04:34 PM

නිකං බෝල පාස් කරන්න එපා . දරුවන් ගැන හිතන්න ඕන සේවකයන් විතරයි ද... ඉහල නිලධාරීන් ට , දේශපාලකයන් ට දරුවන් ගැන මතක් වෙන්නෙ නැත්ද .

:       25       47

♿♿♿Tuesday, 14 May 2024 05:36 PM

බුද්ධ දේශනාවේ තියෙනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස ....කියලා ගාථාවක් එයින් කියන්නෙ තමා උපමාවට ගෙන අනුන්ට හිංසා නොකරන්න කියලා තමයි ඊළඟට තවත් උපමාවක් කියලා තියෙනවා කරත්තෙ අදින ගොනා පසුපස කරත්තයේ රෝදය කැරකෙමින් එනවා කියලා .එහෙම වදාරා තියෙන බුදු දහමේ තියෙනවා බුදු දහම නුවනත්තන්ට පමණයි කියලා පුනර්භවයක් විශ්වාස කරන අපි අනුන්ට ශාප කරන්න බයයි ජයනාත් මහත්තයෝ එනිසා ඔබතුමාට මතක් කරන්න කැමතියි ඔබේ දරුවන්ට නැත්නම් දරුවන්ගේ දරුවො ඉන්නවා නම් ඔවුන්ට යමෙකු කරන දෙයකින් අපේ දරුවන්ට වගේ පාඩුවක් වෙනවා නම් මොකක්ද හිතන්නේ කියලා කල්පනා කරන්න ඔබ සියලු දෙනාටම යම්දිනක මිය යන මොහොතේ ඔබලාගේ මේ ක්‍රියාවන් සිහියට නොනැගේවා තෙරුවන් සරණයි

:       1       2

nimWednesday, 15 May 2024 01:13 AM

ඒ්ක හරි. මේ කියන අයටත් පුලුවන්නෙ දරුවොගැන හිතල ඒ් මීනිස්සුන්ගෙ ඉල්ලීම් ටික දෙන්න.

:       1       7

Muthu Tuesday, 14 May 2024 04:47 PM

දරුවෝ ගැන හිතල ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම් දුන්න නම් නේද හොඳ....එකක්වත් බැරි දේවල් නෑ....හෙජින් ගනුදෙනුව පාඩුව මිලියන 9000, සීනි වංචා පාඩුව මිලියන 1500, බැඳුම්කර වංචාව මිලියන 700..... ඒවා අමාරු උනේ නැත්තේ ඇයි.....

:       1       6

Dammika Wednesday, 15 May 2024 08:28 PM

එම හොරුම නැවත නැවත පත්කරන එකනෙ කරන්නෙ.. කොහොමට වුණත් අද සේවා කීයක සේවකයො වර්ජන කරනවද.. ගෝටාට කෙලවලා ඇනගෙන යාන්තං ගොඩඑන්න දඟලන රටේ ඒ ඔක්කෝටම ඉල්ලන ඒවා දෙන්න ගියොත් මොන විනාශයක් වෙයිද.. ඔක්කාටම අමාරුයි. රජයේ සේවකයො, විශ්‍රාමික අය ඔක්කොම ඉල්ලනව. එදාවේල හොයාගෙන කන එකා මොනවද ඉල්ලන්නෙ.. ඔය ඔක්කොම ඉල්ලීම් දීල චන්දෙට ගියොත් බලය ගන්න එව්වන්ට වෙන්නෙ හොම්බෙං ගිහිං මාස හයෙන් පිටරටකට පැනල හැංගෙන්න තමා...

:       0       0

Warnasinghe Wednesday, 15 May 2024 06:35 AM

ඔබ තුමා කියනවා සියලුම සිසුන් ට ඔන් ලයින් උගන්වනවා කියලා. සිසුන් ට අන්තර් ජාලය නිකං දීලා වගේ. ඒ වගේම දුර බැහැර සරසවි වලට සමහර දුරකථන සංඥා පවා හොඳින් ලැබෙන්නේ නෑ

:       0       5

Prerera Wednesday, 15 May 2024 08:39 AM

අපි හැමෝම තව ඉවසමු ප් ඒ නිසා සෙමින් සෙමින් රට නැගිටන මොහොතක හැමෝගෙම සහයෝගයලක්මෑනියට මාතාවට ලබා දෙන්න

:       0       2

janaka Wednesday, 15 May 2024 08:42 AM

දරුවන් ගැන සිතා ඉල්ලීම් දෙන්න

:       0       5

wedage Wednesday, 15 May 2024 10:46 AM

දරුවන්ට කන්න කෑම ටික දෙන්න බැරුව තමයි මේ තමන්ට අයිති මුදල් ඉල්ලන්නේ

:       1       1

Bunny Preena Wednesday, 15 May 2024 12:33 PM

විශ්ව විද්‍යාලවල දරුවනේ,තොපිලා උද්ගෝෂණ කියාගෙන මුළු මහා මාර්ගයම අවහිර කරමින් සාමාන්‍ය ජනතාවට දැඩි හිරිහැර ගෙන දෙන විදියට හැසිරීම සම්බන්ධව සියවරක් සිතා බලන්න.මහජනයාට නුඹලා විසින් කරන හිරි හැර කරදර අවම කරන තාක්කල් නුඹලා ගැන සාමාන්‍ය ජනයා තුල කිසිම අනුකම්පා සහිත හැඟීම් ඇති නොවනු ඇත

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site