
(දිනේෂ් උපේන්ද්‍ර)
විදෙස් ගතව සිටින බිරිය ගෙන්වා ගැනීමට පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමින් වීඩියෝ පටයක් නිර්මාණය කළ පියකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවට ගැනුණේ කුලියාපිටිය පහලපිදුම ප‍්‍රදේශයේ දෙදරු පියෙකි.
සැකකාර පියා ඉකුත් 11 දින ඉඩමේ පාළු නිවෙසකට දරුවා රැගෙන ගොස් තියුණු පිහියක් ගෙන වයස අවුරුදු 5ක පිරිමි දරුවාගේ ජීවිතය අනාරක්ෂිත වන අයුරින් එම වීඩියෝව නිර්මාණය කර දරුවාගේ ජීවිතය බේරීමටනම් බිරිය පැමිණිය යුතුයැයි කියමින් වීඩියෝවක් නිපදවා බිරියට හා ඇය විදෙස් ගතවීමට සහය දැක්වූ විදේස් රැකියා ආයතනයටද වට්ස්ඇප් තාක්‍ෂණයෙන් යොමුකර තිබිණ.
කෙසේහෝ අදාළ විදෙස් රැකියා සමාගම මාර්ගයෙන් කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ මහතාගේ අවධානයට අදාළ වීඩියෝව ලබාදීමෙන් අනතුරුව දරුවා සිටින දැඩි අවදානම් තත්වය පිළිබඳව සලකා වහාම ක‍්‍රියාත්මක කර පොලිස් උපායක් මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ විදේශගත වුණේ ඇයි? පියාගේ රැකියාව කුමක්ද? රැකියාවක් නැතිනම් ඔහු පවුලක් නඩත්තු කරන්න හිතුවේ මොනවා කරලද? සමාජීය වශයෙන් මේවා විසඳිය නොහැකි නම් මේ වගේ තව දේවල් බොහෝ මැවෙනු ඇත.