
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
දිවුල්වැව නිවසක සිටි දරුවා මවගෙ රැකවරණයෙ සිටියදීම ගම්මානයෙම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය කියයි.
එසේ පැහැර ගත් දරුවා නිවසේ සිට මීටර 200 කට ආසන්න දුරකින් පිහිටි දිවුල්වැව වැවේ කැලෑවකට රැගෙන ගොස් කිසියම් අතවරයකට ලක්කර පසුව පොහොර උරයකට දමා එය ගැට ගසා වැවේ කෑලැ රෝදක දමා සැකකරු පැන ගොස් තිබු බව ආණමඩුව පොලිසිය කියය.
මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේ සිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.
දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළද සැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමග එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන ඇති බව කියයි.
ඒ අතර තුර මෙම සිද්දියට සම්බන්ධ යැයි සැකකරන සැකකරු දිවුල්වැවට ඉහල කෑලැ බද ප්‍රදේශයක සිටියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ආණමඩුව පොලිසියෙ නිළධාරින්ට භාර දී තිබුනී.
ගම්වාසින්ගේ ප්‍රහාරයට ලක්වු සැකකරු පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ආණමඩුව පොලිසිය වෙත රැගෙන යාම සිදුව තිබුනී.
මෙය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියට ද ගම්මාසින්ගෙන් බාධා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානීය දඬුවමක් ලැබුණා නම් ඔහුට එච්චරයි . නැවත ගමට එන්න දෙන්න හොඳ නෑ. දැන් ඔය මනුස්සයා උසාවි දානවා. ඊට පස්සේ උසාවියේදී අර අහිංසක දරුවා තමා විසින්ම අතවරයක් කරගෙන පොහොර උරයකට බැස ඇතිවග තර්කානුකූලව සනාථ වෙනවා. ඊට පසු පැමිණිල්ල සැකයකින් තොරව ඔප්පු නොවූ නිසා අපරාධකරු නිදොස් කොට නිදහස් වෙනවා. කොහෙදෝ වරදක්. තියෙනවා නේද?
අපරාධ රැසකට සම්බන්ධයිලු. ඒත් ඉන්නේ නිදැල්ලේ... තවත් අපරාධ කරනවා. පොලිසියට වැඩ නැහැ.
දරුවා ඝාතනය කරලාද?
කාලකණ්ණි... මොක්කුන්ට ජාතක වුණු එවුන්ද මම දන්නේ නැහැ..!