IMG-LOGO

දරුවකු පැහැරගෙන පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී  සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

දිවුල්වැව නිවසක සිටි දරුවා මවගෙ රැකවරණයෙ සිටියදීම ගම්මානයෙම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය කියයි.

එසේ පැහැර ගත් දරුවා  නිවසේ සිට මීටර 200 කට ආසන්න දුරකින් පිහිටි දිවුල්වැව වැවේ කැලෑවකට රැගෙන ගොස් කිසියම් අතවරයකට ලක්කර පසුව පොහොර උරයකට දමා එය ගැට ගසා වැවේ කෑලැ රෝදක දමා සැකකරු පැන ගොස් තිබු බව ආණමඩුව පොලිසිය කියය.

මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේ සිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.

දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළද සැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමග එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන ඇති බව කියයි.

ඒ අතර තුර මෙම සිද්දියට සම්බන්ධ යැයි සැකකරන සැකකරු දිවුල්වැවට ඉහල කෑලැ බද ප්‍රදේශයක සිටියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ආණමඩුව පොලිසියෙ නිළධාරින්ට භාර දී තිබුනී.

ගම්වාසින්ගේ ප්‍රහාරයට ලක්වු සැකකරු පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ආණමඩුව පොලිසිය වෙත රැගෙන යාම සිදුව තිබුනී.

මෙය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියට ද ගම්මාසින්ගෙන් බාධා එල්ල විය.



අදහස් (5)

දරුවකු පැහැරගෙන පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

කිරිපුතා Friday, 07 October 2022 10:49 AM

ස්ථානීය දඬුවමක් ලැබුණා නම් ඔහුට එච්චරයි . නැවත ගමට එන්න දෙන්න හොඳ නෑ. දැන් ඔය මනුස්සයා උසාවි දානවා. ඊට පස්සේ උසාවියේදී අර අහිංසක දරුවා තමා විසින්ම අතවරයක් කරගෙන පොහොර උරයකට බැස ඇතිවග තර්කානුකූලව සනාථ වෙනවා. ඊට පසු පැමිණිල්ල සැකයකින් තොරව ඔප්පු නොවූ නිසා අපරාධකරු නිදොස් කොට නිදහස් වෙනවා. කොහෙදෝ වරදක්. තියෙනවා නේද?

:       1       12

sharm warn Friday, 07 October 2022 10:53 AM

අපරාධ රැසකට සම්බන්ධයිලු. ඒත් ඉන්නේ නිදැල්ලේ... තවත් අපරාධ කරනවා. පොලිසියට වැඩ නැහැ.

:       0       12

දිමුත්Friday, 07 October 2022 12:40 PM

මේ රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි තමයි.

:       0       4

කමනි Friday, 07 October 2022 10:57 AM

දරුවා ඝාතනය කරලාද?

:       1       2

Nimal Friday, 07 October 2022 01:04 PM

කාලකණ්ණි... මොක්කුන්ට ජාතක වුණු එවුන්ද මම දන්නේ නැහැ..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site