(චමින්ද වැවතැන්න)

සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට පාසලට පැමිණි මවකට පාසල් ක්‍රීඩාපිටියේදී ඇගේ සැමිය තියුණු ආයුදයකින් පහරදීම නිසා තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ  බව දේවාලේගම පොලිසිය කියයි.

එම කාන්තාවගේ ⁣බෙල්ලට හා අතකට තුවාල සිදුව ඇතැයි දේවාලේගම පොලිසිය කියයි.

දේවාලේගම මා ඔය වත්ත ප්‍රදේශයේ 25 හැවිරිදි එක් දරු මවක මෙසේ පිහිපහරට ලක්ව තුවාල ලබා ඇත.

තුවාලකාරියගේ සැමියා කාලයක සිට තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බවත් දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසුව පහරදී පිහියකින් ඇන ඇති බව පොලිසිය පැවසීය.