(දිනේෂ් උපේන්ද්‍ර)
වයස අවුරුදු 6 සිසුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සකසා විදෙස් රටක සිටි මවට යැවූ සැකකාර පියා මේ මස 22 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් දරුවා මරාදැමීමට සැකකරු විසින් උත්සහ කරන බවක් පෙනීයන බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එමෙන්ම දරුවා කෑ ගසමින් එම ක‍්‍රියාව නවතන ලෙසට පියාගෙන් ආයාචනය කරන විටත් තවදුරටත් දරුවාගේ ගෙල ප‍්‍රදේශය පිහියෙන් තදකරනු එම වීඩියෝ දසුන් පෙළ නිරීක්‍ෂණයේදී දැකගත හැකිවූ බවද අධිකරණයේ අවධානයට යොමුකරමින් පොලිසිය පැවසූයේ ඊට අනුව අධික ලෙස පියා විසින් දරුවා කෲරත්වයට පමුණුවන බවයි.
එමෙන්ම ජනමාධය මගින් හා සමාජ මාධ්‍ය මගින් එම වීඩියෝ පටය මුල්කරගෙන සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති බවද පවසමින් සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට පොලිසිය තරයේ සිය විරෝධය පලකළහ.
දරුවා මේ වනවිටත් සිය මිත්තනිය බාරයේ ඇති බවද අධිකරණයට කරුණ වාර්තා කළ පොලිසියට එහිදී පූර්ණ පරිවාස වාර්තාවක් එදිනට ඉදිරිපත් කරනලෙදට නියම කෙරින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්ණියෙක්... පව් අහිංසක දරුවා...!