(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද පෙරවරු කාලයේ දී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතර තුර මෙම අබැද්දියට මුහුණ දී ඇත.
ඝාතනය ලක්වන අවස්ථාවේ අගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සදහන් කරයි.
ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත්, එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අපරාධය සිදු කොට රන් මාලය කඩාගෙන පලා ගොස් ඇති සැකකරු මේ වනවිට හදුනා ගෙන සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව අහු වුණොත් බඩට පයින් ගහන්න එපා. බඩ අත ගාන්න.
මෙ පටන් ගත්ත විතරයි. තවකල් යනකොට රටේ හතර දිග් බාගෙන්ම මෙ වගේ පුවත් නිතරම අහන්න ලැබේවි. රට අවුරුදු 50ක් විතර පස්සට ඇදල දැම්ම.
නන්දසේන සහ නඩය තොලොංචි වෙලා යන්න ඕනේ මේ අය රටට කළ විනාශයේ තරම...
කාන්තාව මිය ගියා නම් අඳුනගත්තා කියලා පොලිසිය කියන්නේ කොහොමද?
එන්න එන්නම රට අරාජික වෙනවා... නායකයන්ගේ කයිවාරු විතරයි...
UK වලත් දරුවන් මරන එක නිමක් නැහැ... හේතුව වර්ණ භේදය.!
අපේ රටේ පාලකයින් සහ උපදේශකයින් විසින් රට මේ තත්ත්වයට පත් නොකළානම් ඒ තරුණ ජීවිත අදත් සතුටින් තම නිවසේ කල්ගත කරාවි.
මේ සියල්ලටම රට පාලනය කළ අය වග කියන්න ඕනෑ.
මේ හොරා අල්ලා ගත්තොත් පොලිසියට බාරදෙන්නේ නැතුව එයාට වදදීලා මරන්න ඕනෑ.. අහිංසක දරුවා ගැන හිතලාවත් මේ අම්මට කරදරයක් නොකර ඉන්න තිබුණා... මූට සිර දඬුවම දීලා හරි යන්නේ නැහැ... මරන්න ඕනෑ...