(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.
එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මුස්ලිම් කෙනෙක් නම්, ඔහුගේ නම ඔහුගේ ගම, වාසගම ඔක්කොම විස්තර එක්ක දාන්න.
කාරුණිකව හිතන්න මෙතන මුස්ලිම්ද, දෙමළද, සිංහලද අදාළ නැත. "මෙය කරපු කෙනා කවුරු වුණත්" මුන්ගේ සියලුම විස්තර නම් ගම් ඇතිව සහ ඡායාරූපද පළකිරීම මගින් මෙවැනි වැරදි යම්කිසි මට්ටමකට අඩුකර ගතහැකි බව අපගේ හැඟීමයි.
පළමුව දරුවන් පුද්ගලික පංතිවලට යන්නේ ඇයි කියා සොයන්න. හේතුව සොයා ප්‍රතිකාර කළොත් රෝගය සුවකිරීම පහසුයි. මම හිතන්නේ රෝග මූලය වන්නේ පාසැල්වල හරියාකාරව විෂයයන් ඉගැන්වීමක් නොකිරීමයි. උදාහරණයක් දෙනවා නම් උසස් පෙළ විභාගයටත් දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්රයකට ලියන්න ඕනෑ. මගේ දරුවා පාසැල්ගිය කාලයේ උසස් පෙළ වසර දෙකේ එකම දිනකවත් ඉංග්‍රීසි ගුරු භවතා දරුවාගේ පන්තියට පැමිණ නැහැ. සාමාන්‍ය පෙළත් එයට දෙවැනි නැහැ. දරුවන්ගේ අනාගතය ගැන කියන ගුරු සංගම් කොතෙක් ඇතත් ඔවුන් මේ ගැන කිසිම වගක් නැහැ. කවුරු හෝ වරද පෙන්වා දුන්නොත් සංගම් විරෝධතා කරනවා. ගුරු උපදේශකලා, අධ්‍යක්ෂකලා කොතෙක් සිටියත් මේවාට ප්‍රතිකර්ම නොයොදා මෙවැනි දේ වැළැක්විය නොහැකියි.
ඔහු මුස්ලිම් නම් මොකද්ද කියන්න හදන්නේ? ඔහුට ෂරියා නීතියෙන් දඬුවම් කරනවා කියලද? කවර ජාතියක කෙනෙක් වුණත් වැරැද්ද ගැන විතරයි මෙතන කියැවෙන්නේ. ජාතිවාදී වෙන්න එපා. කළ වැරැද්ද ගැන කතා කරන්න. අතවරයට ලක්වූ දැරිවියන් දෙදෙනාගේ මනස හදන්න කතා කරන්න. ඔවුන්ට සාධාරණයක් ඉටු වනු පිණිස හඬක් නගන්න.
කවුරු වුණත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.