(නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවද පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක් දුම්රියෙන් එළියට විසි වෙලා
Perera Friday, 12 April 2024 08:00 AM
අත විතරක් නෙවෙයි, ඇඟත් එළියට දාගෙන අත හෝදලා වගේ... ළමයගේ වැඩිහිටියන් බුදියගෙන ඉඳලාද?