(ප්‍රසාද් රුක්මල් )
සිය බාලසහෝදරයා සමඟ පාගමනින් නිවසට යමින් සිටි 12 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ දී පැහැරගැනිමට තැත් කළැයි සැකපිට තරුණයන් දෙදෙනකු ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
ගිරාදුරුකෝට්ට හොබරියාව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ පදිංචි ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි මෙම බාලවයස්කාර පාසල් දැරිය පාසල නිමවී නිවසට පැමිණ පසුව යළි පාසලෙ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අමතර පංතියකට සහභාගි වූ සිය මල්ලි රැගෙන එන අතරමගදී මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය සදහන් කළේය .
බියවි ඇති සිසුවිය මල්ලි සමඟ එම අවස්ථාවේ පැමිණි හඳුනන කාන්තාවක සමඟ ඒ ආසන්නයේ හෝටලයක සේවය කරන පියා ලගට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක උස්සන්න හදලා:දෙකක් මාට්ටු
ravin Thursday, 18 May 2023 01:37 PM
ගොයියලා දෙන්නව කොර වාට්ටුවට ඇතුලත් කලානම් නරකද
Gunapala Thursday, 18 May 2023 05:39 PM
සමාජයේ 90% වැරදි පටන් ගන්නේ ත්‍රී රෝද රථ කාරයින්ගෙන් .මේක රටටම පිළිලයක්
Kuda Thursday, 18 May 2023 09:28 PM
2000 න් පස්සේ ඉපදිච්ච සෙට් එකේ මොලේ විකල් වෙලා .කාලකන්නි සෙට් එකේ මොලේ විකාර කරලා