
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂිත, ගුණාත්මක හා දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සඳහා කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් නියාමන පද්ධතියක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවැසීය
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ 65 වන වාර්ෂික මහා සභා සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී මෙම සැසිවාරය පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වසර 65ක කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ඉටුකර ඇති මෙහෙවර අගය කළේය.
ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියක ශක්තිය තීරණය වන්නේ වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් පමණක් නොව, අවශ්‍ය මොහොතේ රෝගීන් වෙත අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව සැපයිය හැකි ශක්තිමත් සැපයුම් හා නියාමන පද්ධතියක් පැවතීම මත බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඖෂධ යනු සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෑම ඖෂධයකම පිටුපස සුවය අපේක්ෂා කරන රෝගියෙකුත්, තම ආදරණීයයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා සිටින පවුලකුත්, ජීවිත රැකගැනීම සඳහා කැපවන සෞඛ්‍ය වෘත්තිකයන් සිටින බව ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd