IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරුඵල දෙන්න ශාන්ති කර්ම කළ කට්ටඬියා සහ පෙම්වතිය රිමාන්ඩ්

(ඉන්දික අරුණ කුමාර  සහ ශ්‍රීනාත් ප්‍රසන්න)

දරුඑල ලබාදීමේ අපෙක්ෂාවෙන් සිදුකරන ලද ශාන්ති කර්මයකින් පසු කාන්තාවක මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය  අත්අඩංගුවට ගත් සැක කරුවන් දෙදෙනකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නාඋල වැඩබලන මහෙස්ත්‍රාත් ශාමලි විජේරත්න මහත්මිය අද නියෝග කළාය.

ලග්ගල -දාස්ගිරිය හත්ටෙ අමුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හතලිස් අට හැවිරිදි කාන්තාවට( 48 ) දරුඑල අපේක්ෂාවෙන් සිදුකල ශාන්ති කර්මයක දී තැඹිලි පානයට ලබාදී, පසුව කහ දියර ද ලබාදී ඇති බව ලග්ගල පොලිසිය සිදු කළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි.

ශාන්ති කර්මය අතරතුර අදාල කාන්තාව රෝගාතුර වීම හේතුවෙන් දාස්ගිරිය රෝහලටත් පසුව දඹුල්ල රෝහලටත් ඇතුළත් කර ඇති අතර පසුව ඇය දඹුල්ල රෝහලේ දී මිය ගොස් ඇතැයි දපොලිසිය අධිකරණයට දැන්වීය

මෙසේ මියගොස් ඇත්තේ ඒකනායක මුදියන්සෙද්ලාගේ චාන්දනි කුමාරි ඒකනායක (48) නැමැති විවාහක කාන්තාවකි.



අදහස් (1)

දරුඵල දෙන්න ශාන්ති කර්ම කළ කට්ටඬියා සහ පෙම්වතිය රිමාන්ඩ්

fairoos Monday, 19 June 2023 12:30 PM

නිසි දඬුවම් නොදුන්නොත් ආපහු එළියට ඇවිත් පරණ වැඩම කරයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site