
දුරුතු පොහොය වසරේ ආරම්භක පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ දුරුතු පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මහියංගණයට වැඩම කළේ අද වන් දිනයකය. මහියංගණයට වැඩම කළ බුදුරදුහු ප්‍රාතිහාර්යය පා මහානාග වනයේ යක්ෂයන් දමනය කර පලවා හැරියහ. එසේම බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී සුමන සමන් දිව්‍යරාජයාට කේශ ධාතු පරිත්‍යාග කිරීමද සිදුවූයේත් අද වන් දිනයකය. .
දහම් අසා සෝවාන් වූ සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගෙන් පූජා වස්තුවක් ඉල්ලූ අවස්ථාවේ බුදුරදුහු සුමන සමන් දිව්‍ය රාජයාට කේශ ධාතු ලබාදුන්නාහ. ඒ උත්තම වස්තුව රන් කරඬුවකින් පිළිගත් සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන් වැඩ සිටි මහියංගනයේ සත්රියන් උස දාගැබක් ඉදිකර එහි කේශ ධාතු නිදන් කොට වැඳුම් පිදුම් කළේය. ඒ මහියංගණ දාගැබයි. දුරුතු පොහෝදා සිදුවූ තවත් සිදුවීමක් වන්නේ බුදුරදුන් තුන් බෑ ජටිලයන් දමනය කිරීමයි.
මෙවන් ශාසනික වශයෙන් වටිනාකම් රැසක් දායාද කළ පොහෝ දිනයක් ලෙස දුරුතු පෝය හැඳින්විය හැකිය.





ඡායා ළහිරු හර්ෂණ



(ඡායාරූප-ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd