(යොහාන් භාසුර)
එළඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00 ට කන්කසන්තුරය දක්වා ද, කන්කසන්තුරය සිට පස්වරු 4.30 ට අනුරාධපුර දක්වා ද ක්‍රියාත්මක වේ.
විශේෂ දුම්රිය කාලසටහන
උඩරට දුම්රිය මාර්ගය
● මාර්තු 8 - පෙ.ව. 7.30 කොළඹ කොටුව - බදුල්ල
● මාර්තු 10 - පෙ.ව. 7.45 බදුල්ල - කොළඹ කොටුව
● මාර්තු 7, 8 සහ 10 - පස්වරු 7.30 කොළඹ කොටුව - බදුල්ල
● මාර්තු 7, 8 සහ 10 - පස්වරු 5.20 බදුල්ල - කොළඹ කොටුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි වල හොරුන් රංචු වශයෙන් ගැවසෙනවා. පසුගිය දවස්වල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත දක්වා දිවෙන දුම්රිය තුළ දැනුවත්ව ජංගම දුරකථන 4 ක් හොරුන් විසින් සොරාගත්තා. දුම්රිය ආරක්ෂක හමුදාව තද නින්දේ. දුම්රිය බලධාරීන් තම ලාභය පමණක් ගැන සිතා කටයුතු කරනවා මිසක් හොරුන් අල්ලන්න නිසි ක්‍රමවේදයක් සකස් කොට නැහැ...