IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක්

(යොහාන් භාසුර)

නත්තල් උත්සවය ද ඇතුළත් හෙට (22) ආරම්භ වන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුර ගමන් සේවා විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් හෙට සිට 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල, මහනුවර - බදුල්ල සහ අනුරාධපුරය - කන්කසන්තුරය ස්ථානවලට ඉහළට සහ පහළට එම දුම්රිය ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඒ අනුව මෙම මස 22, 23, 25 සහ 26 යන දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, මෙම මස 23 සහ 25 දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, බදුල්ල බලා විශේෂ දුම්රිය ධාවනය වන බවත් මෙම මස 22, 24 සහ 24 දිනවල බදුල්ලේ සිට පෙරවරු පස්වරු 5.20 ට ද, මේ මස 24 සහ 26 දිනවල පෙරවරු 7.45 ට ද, කොළඹ කොටුව බලා විශේෂ දුම්රිය ද ධාවනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක්

සුපුන් චාමර Thursday, 21 December 2023 12:54 PM

දුම්රිය සේවයේ තරම් කිසිම ප්ලෑන් එකක් නැති ආයතනයක් මම දැකල නෑ. ගිය වසරේ මාස 7ක් විතර කොළඹ කන්කසන්තුරේ දුුම්රිය වැඩ කරේ නෑ. හේතුව අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිම. ආයෙත් නැවත වරක් ජනවාරි සිට මාස 7ක් කොළඹ කන්කසන්තුරේ දුුම්රිය වැඩ කරනනේ නෑ. මේ පාර අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිම. අර කාලය තුලම මේක කරානම් මොකද වෙන්නෙ. මෙම දුම්රියෙන් විශාල ප්‍රමාණයක් යාපනය පැත්තට යනවා. වියදම අඩු නිසා . ඒකෙන සමහර විට පුද්ගලික බස් වලින් ජරාවක් එනවද දන්නෙ නෑ දුම්රිය සේවයේ ඉන්න මහ අයට. අනිත් එක ජනවාරි මාසෙ ඉදන් පෙබරවාරි වෙනකම් පාසල නිවාඩු නිසා දරුවන් විශාල ප්‍රමාණයක් රට බලන්න යන්න තියෙන අවස්ථාව . ඒකයි මම කියන්නෙ මොවුන්ගේ කිසිම ප්ලෑන් එකක් නෑ කියල

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site