
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී එම හෝටලයේ මුදල් අයකැමි මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙනිපිටිය වරකාපිටිය පිරිස්වත්ත පදිංචිව සිටි රිද්ම තරංග නැමැති 26 හැවිරිදි තරුණයෙකි .
වසර දෙකහමාරකට පමණ ඉහත දී එම තරුණයා හෝටලයේ රැකියාවට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී 11ට පමණ හෝටලය වසා ඇති බවත් රාත්‍රී දෙකට පමණ මුදල් අයකැමි හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු වේටර්වරයකු දැක ඇතැයි පොලිසිය කියයි.
ඒ බව හෝටලයේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ විනාඩි කීපයක් තුළ දී කලුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය බාගයකට පමණ පසු තරුණයා මිය ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණයා වැටි සිටි ස්ථානයේ තිබු යතුරු පැදියක් පෙර ලි තිබූ අතර තරුණයා වැටීමේදී ඔහුගේ ශරීරය ගැටී යතුරු පැදිය ගැටී එය පෙරලුනාද ? වෙනත් හේතුවක් මත යතුරු පැදියේ පෙර ලුනාද? යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
තරුණයා පෙරේදා රාත්‍රී සිට ජංගම දුරකථනයේ රැඳී සිට කිසියම් අයකු සමග කතාබස් කරමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd