
(අමදෝරු අමරජීව )
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ අග්බෝපුර, කිතුල් උතුව පදිංචි හේවා හෙට්ටිගේ දයාසිරි (58) නැමති තිදරු පියකි.
ඉකුත් 13 දා අතුරුදන් වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අග්බෝපුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මෙහෙයුම අරඹා තිබේ.
අතුරුදහන් වූ අය සොයා පොලිස් නිල සුනඛයන් යොදා ගත්තද නිල සුනඛයන් නිවස වටා ගොස් නවතින බැවින් සොයා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වී ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd