(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙන්නප්පුව , වයික්කාලේ තරුණියක සහ ඇගේ සොහොයුරා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ (19) හැවිරිදි තරුණියක හා (8) හැවිරිදි ඇගේ බාල සොහොයුරාය.
ඝාතනයට ලක්වු දරුවන්ගේ මව්පියන් හා තවත් පුද්ගලයකු අතර යාබද ඉඩමකට වතුර ලබාගැනීමේ සිද්ධියක් මුල්කරගනිමින් පැවැති ආරවුලක් දුර දිග ගොස් මෙලෙස දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
දරු දෙදනා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරු වෙන්නපුව පොලිසියට බාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.





(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරින් හරියට වැඩ නොකර නීතිය ක්‍රියාතමක නොකර ඉන්න කොට මිනිස්සු ගහ මරා ගන්නව. සමාන්‍යයෙන් අපවිත්‍ර ජලය පාරටවත් හරවන්න බෑ, වලක් කපල ඒකට යවන්න ඕනෙ. කිසිම පී එච් අයි කෙනෙක් ඕක බලන්නෙ නෑ.
අයියෝ...?? මොන අපරාදයක් ද මේ ?
පුදුම ජරා මිනිස්සුන් දැන් ඉන්නේ. තණ්හාව ..ඉරිසියාව කුහක කම හදවත් වල පිරිලා. පව් අසරණ ජිවිත මොනවා තේරෙනවද අවුරු 8 ළමයට. නිවන් සුව දරුවනි ඔබලාට !!!
එල්ලුම් ගහටම යවන්න.
මේ රටේ මේ මජර ක්‍රමය තවදුරටත් ඉදිරියට ගියොත් මේ ගහ-මරාගැනීම් මේ රටේ සාමාන්‍ය දේවල් වෙනවා.
එල්ලුම් ගහටම යවන්න නඩුකාර හාමදුරුවනේ.
අනේ මෙහෙම රටක්, කොච්චර පොඩි දෙකට මේ මරා ගන්නේ. ඉවසීම නැති කමයි මිනිස් අගය හොඳටම පිරිහිලා.
බල අපරද වලට දැන්වත් මරණ දඩුවම ගෙනෙව් . මේවා පේන්නැද්ද රටේ මිනිස්සුන්ට. මවැනි අපරාද වලට කෙලින්ම මරණ දඩුවම ක්‍රියාත්මක ගේන්න.
සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි. මෙව් රටේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්න වහාම සොයා බැලිය යුතුයි. ඉවසීමේ රතු කට්ට පැන්නම මේ වගේ දේවල් වෙනවා. සමහරු සිතනවා මොන දේ කලත් ගණන් ගන්නේ නැතිව සිටීම බයට හෝ නොන්ජල් ’කමට කියල. ඉවසීමේ බැරිම තැන තම මේවා වෙන්නේ.
සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි.
සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි.මෙව් රටේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්න වහාම සොයා බැලිය යුතුයි. ඉවසීමේ රතු කට්ට පැන්නම මේ වගේ දේවල් වෙනවා. සමනරු සිතනවා මොන දේ කලත් ගණන් ගන්නේ නැතිව සිටීම බයට හෝ නොන්ජල් ’කමට කියල. ඉවසීමේ බැරිම තැන තම මේවා වෙන්නේ. අහන්නේ බලන්නේ නැතිව තම ලගම නෑයාගේ ඉඩමේ පස් කපාගෙන යන තරම් අසික්කිත පුත්ත්රයොත් ඉන්නකොට ඉවසා සිටීම සුදුසුයි කියල හිතුවේ ඔවැනි දේ සිදු වෙන නිසයි.
බොන වතර ටිකට මිනි මරාගන්න මිනිස්සු ඉන්න රටක්. මේ රටින් හැකි තාක් ඉක්මනින් මේ රටින් පැන යාම නුවනට හුරුයි.
ලොකු අයගේ වැරදිවලට මේ දරුවෝ මොනා කරන්නද. මොකා හරි හෝ වැරදි වේවා මේකනම් මහපොළොව නුහුලන අපරාධයක්
වෙන්නප්පුවේ මිනිස්සු ඉඩම් වලට පුදුම තණ්හාවක් තියෙන්නේ.
මේ රටේ ඕවා සාමාන්‍ය දේවල්
උදේ පටන්ගන්නෙ බණ පිරිත් වලින් රත්නමාලි යන්තර මතුරල ,ශාන්තිය ඉතිරිල ඒත් කිසිම වෙලාවක එකෙක් අනෙකට දෙවෙනි වෙන්න කැමති නැහැ. බුදුන් දෙසු බණවල ගුණාගුණ රසකරනව මිසක් අනුගමනය කරන කෙනෙක් හොයාගන්න බැහැ
මොකක්ද මේ රට? කොහොමද මෙහෙම වෛර පිරිමහන්නේ පුංචි දරුවන්ගෙන්? ලංකාවේ මිනිසුන්ට මොකක්ද වෙලා තියෙන්නේ? බොහෝම කලකිරීමක් ඇතිවෙනවා. අම්මෙක් තාත්තෙක් දරුවක් උස් මහත් කරලා උගන්නල සමාජයට යහපත් උදාර මිනිසෙක් කරන්න කොච්චර මහන්සියක් ගන්න ඕනද? ඒ හැම දේම එක තප්පරේට මිනිහෙක්ට සහාසික විදිහට විනාස කරන්න පුලුවන්නම් මොකක්ද මේ රටේ මිනිස්සුන්ගේ පැවැත්ම. බොහොම කලකිරීමක් ඇතිවෙනවා සමස්ත පාලන තන්ත්‍රයත් නීති ක්‍රියාදාමයත් පිලිබදව. ඔබලාට හිතෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ කියනවා වගේ අපි කවදාක හරි මැරිලා යන්න ආව කොට්ඨාසයක් කියලා .වතුර ටිකට මෙහෙම පුංචි දරුවෝ මරන්න සිතුවිල්ලක් එන්නේ මෙච්චර කල් කෑවේ බත්ද? වසුරුද?
ජනාධිපතිතුමනි ඔන්න එල්ලන්න තව කෙනෙක්....
දැන් තේරෙනවද එල්ලුම් ගහ ඕනෙද නැද්ද ., ඕනේ නම් අයි එහෙම එකක් ඕනේ .. කියලා ? කාගේ මානව හිමිකම් ද වල වැදිලා තියෙන්නේ වරදට නිසි දඩුවම් නැතිකමින් ? පොලිසිය ඉන්නේ මහජන සාමය පවත්වන්න නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ ? අපිට එල්ලුම් ගහ ගෙන්න එපා කියලා උඩ පනින රටවල් සද්ද නැතුව මිනිසුන්ට මරණ දඩුවම පනවමින් සිටින බවත් කරුණාවෙන් සලකන්න .
එල්ලා මරණ එකට විරුද්ධ වන්නන් දැන් මට කියහන් ඇයි එල්ලා මරන්න විරුද්ධ වන්නේ? මේ අපරාධකාරයාට කිරි තේ දිදී කෑම දිදී අපි ගෙවන බදු මුදල් වලින් හිරගෙයක් තුල ජීවත් කරවන්නට හේතු මට කියනු. මේකා වෙනුවෙන් එක වෙඩි උණ්ඩයයි නැතිවෙන්නේ රටට.
මොන හේතුවක් මත වුණත් මේ අපරාධය, සාදාරණීකරණය කරන්න බෑ. මේ මිනීමරුවා තිරිසනෙකුටත් අන්ත යක්ෂ, පිසාච, කුම්භාණ්ඩයෙක්. මේ රට බෞද්ධ රටක් කියන්නේ කොහොමද? අපි අශීලාචාර ගෝත්‍රික ජාතියක් ලොකුවට 2500ක ප්‍රෞඩ ඉතිහාසය ගැන කතා කළාට... දරුවනේ මතු උපදින කිසිම ආත්මයකදී මේ බිමේ නූපදීවා...
වැඩි වුණොත් අපරාදේ. උල තිබ්බානම් හරි.
ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි .