(ඤාණදාස රන්මුතු)
අම්මයි තාත්තයි විදේශ ගතවීම නිසා නව හැවිරිදි නැගණිය රැකබලා ගැනීමට තමන්ට හැකියාවක් නැතැයි පවසමින් දහතුන් හැවිරිදි අක්කකු දිවි හානිකර ගන්නා බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලීසිය එම දැරියන්ගේ නිවාස සොයා ගොස් දැරියන් දෙදෙනා පොලීසිය වෙත රැගෙන ආ බව ගෝනාපීනුවල පොලීසිය කියයි.
ඔවුන් ජීවත්වී ඇත්තේ ලස්සනගමේ අඹගහ හන්දියේ බවද පොලීසිය සදහන් කළේය.
මෙම දැරියන් දෙනොගේ මව මීට අවුරුදු හතරකට කලින් විදේශ ගතවී ඇති අතර මුහුදු රැකියාව කරමින් සිටි පියා සිය දියණියන් දෙදෙනා තනිකර මෙයට මාස එක හමාරකට කලින් විදේශ ගතවී ඇතැයි පොලීසිය පැවසුවේය.
නොයෙකුත් අගකම් මධ්‍යයේ ජීවත්වූ මෙම දැරියන් දෙදෙනාගෙන් වැඩිමල් දියණිය තමන්ට තම නැගණිය බලා ගැනීමට නොහැකි බව පවසමින් තමන් සිය දිවි හානිකර ගන්නා බවට ලියා තිබූ ලිබිය ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
දැරියන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝගය අනුව ඔවුන් දෙදෙනා සුදුසු භාරකත්වයට පැවරීමට පොලීසිය කටයුතු කරන බව ද පොලීසිය වැඩි දුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පුංචි දරුවො විශේෂයෙන් ගැහැණු දරුවන් මෙහෙම තනිකස යන්න උන් අම්මා තාත්තා නම් වෙන්න බෑ. ඇයි මෙහෙම මිනිස්සු තිරිසන්නු මේ ලෝකේ.
අනේ අම්මාවරුනේ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා ..මේ අම්මා රට ගිහින් කොහොම ඉන්නවද මන්දා මේ දරුවො මෙහෙම දාලා.දරුවො වෙනුවෙන් නේද අපිහැම දේම කරන්නේ..පවු දරුවො