
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාව නැවත උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට මැතිවරණ කොමිසම පිළිගන්නා පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව පසුගිය 14 වැනිදා පැවැත්වීම පිළිබඳව පාක්ෂිකයන් වෙත ලිපියක් නිකුත් කරමින් දයාසිරි ජයසේකර මහතා එසේ පවසයි.
ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ විධායක සභාව කැඳවුව ද, සමස්ත ලංකා කාරක සභාව කැඳවා තනතුරු හුවමාරු කර ගත්ත ද, පක්ෂය නීත්‍යානුකුල ලෙස මැතිවරණ කොමිසම පිළිගන්නේ නඩු කටයුතු අවසන් කර සියලු දෙනා එකරාශී කර කටයුතු කරන තත්වයක් තුළ පමණක් බවත් එබැවින් තවදුරටත් පක්ෂයත් පාක්ෂිකයාත් නොමග යවන පැලැස්තර විසඳුම්වලින් තොරව පක්ෂය ගොඩනැගිය හැකි නව වැඩපිළිවෙළක් තුළ ක්‍රියා කරන මෙන් තාවකාලික තනතුරු බෙදාගත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2022 වසරේ මැයි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කිරීමෙන් පසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 න් 9 ක් පක්ෂයේ තීන්දුව පාවා දෙමින් ආණ්ඩුවේ ඇමති ධූර භාරගැනීමෙන් පක්ෂය අර්බුදයකට ඇද වැටුණු බව කියන දයාසිරි ජයසේකර මහතා ඉන්පසුව රනිල් වික්‍රමසිංහහ ආණ්ඩුවට එම මන්ත්‍රීවරුන් නවදෙනා සහයෝගය දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ ඇද වැටී ඇති තත්ත්වයට පත්වූ බව ද සඳහන් කරයි.
එම පක්ෂයේ ලේකම් ධූරයෙන් අනීතක ලෙස තමන් ඉවත් කිරීමට කටයුතු කළ සහ අනීතික ලෙස පත්වී තිබෙන සභාපතිවරයා සහ ලේකම්වරයාගේ පත්වීම්වලට එරෙහිව කොළඹ දිසා අධිකරණය නඩු පවරා ඇති බවත් වසර දෙකක කාලයක් විභාග වෙමින් පවතින එම නඩුවේ තීන්දුව ලබන 18 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් දෑසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
අධිකරණ තීන්දුවෙන් ලබන 18 වැනිදා තමන් නැවත ලේකම් ධූරයට පත් කළහොත් පක්ෂයේ සභාපති ධුරය අහෝසි වී නිමල් සිරිපාද සිල්වා මහතාගේ සභාපති ධුරය තවදුරටත් වලංගු නොවන බවත් එවිට පක්ෂයේ සභාපති ධුරය හිස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට පැන පැන ,ඇමතිකම් අරගෙන බලයේ ඉන්ඩ හදපු ආත්මාර්තකාමි අවස්තාවාදී බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෙක්.
ශ්‍රී ල නි ප නැති කලේ මෛත්‍රී සහ දයාසිරි යන දේපල විසින්. තාම කෑදරකම තියෙනවා. දයාසිරි ස ජ බ ට රිංගන්න හැදුවා අනාගත්තා. දැන් ඔහු පක්ෂ ලේකම් කමක් නැතිව කනස්සල්ලෙන් ඉන්නේ. අනේ මෙයාට පිවිතුරු හෙළ උරුමයෙන් වත් ලේකම් කමක් දෙන්න.
දැනට වසර 40 කට පෙර 80 දශකයේ මැද භාගයේ ශ්‍රී ල නි පෙ සිටියේත් මෙවැනි තත්වයක , නායකයෝ බලය වෙනුවෙන් එදත් නඩු කිව
මේ වගේ කිසි වැඩකට නැති එවුන්ට චන්දෙ දෙන එවුනුත් රටේ ඉන්නවානේ.
එහෙම පක්ෂයක් තියෙනවද අනේ? අපේ ගමේ නම් මාලිමාව විතරයි. සජබෙත් කීප දෙනෙක් ඉන්නවා. වෙන පක්ෂයක් දැකිනවත් නෑනේ.
දැනට වසර 40 කට පෙර 80 දශකයේ මැද භාගයේ ශ්‍රී ල නි පෙ සිටියේත් මෙවැනි තත්වයක , නායකයෝ බලය වෙනුවෙන් එදත් නඩු කිව , එදා එජාපෙ නායකයෝ කල විදිහට අද මාලිමා නොහොත් JVP නායකයෝ කටයුතු කරනවා , එදා JVP සිටි තැනට UNP එක පත්වෙලා තිබෙනවා , පක්ෂ වල බලය උදි යටිකුරු වුනත් , රටේ ජිවන බර , බදු බර නම් වෙනස් වෙලා නැහැ
මට දයාසිරි ජයසේකර වැනි කෙනෙක්ගෙන් අසන්නට ඇත්තේ එකම එක දෙයකි. එනම් දයාසිරි ජයසේකර නම් රිලා නැටුම් කරුවා පක්ෂ කීයකට, නායකයන් කී දෙනෙකුට කොකා පෙන්නුවාද යන්නයි. 1980 ගණන් ශ්‍රි.ල.නි.ප. සත පහට වැටී තිබූ කාලයේ හිටියේ කොහේද? යන්නයි. ඒත් එදා නිමල් සිරිපාල නම් හිටි බව මට මතකයි. අපි භීෂනය මැදින් මැතිනිය සමග පක්ෂ කොඩිය ගෙන, වෙඩිකමින් ඉදිරියට යන විට අද ඔය පොර ටෝක් දෙන චන්ද්‍රිකා වත්, ග්‍රාම සේවක වත් අප සමග හිටියේ නැත. එදා හිටියේ අනුරුද්ධ රත්වත්තේ, දි.මූ., මංගල, එස්.බී., බර්ටි ප්‍රේමලාල්, වැනි පිරිසකි. එකල වෙන කොහේදෝ සිට කොලඹ විශ්ව විද්‍යාලයේ සිට ජී.එල්.පීරිස්ට කඩේ ගිහින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්කමක් ගෙන, සට්ටැඹිකම් කළ සට්ටැඹියෙක්, වෙන පක්ෂයකින් ඡන්දයද ඉල්ලා දැන් ශ්‍රී.ල.නි.ප.යේ අයිතිකාරයා මෙන් කතා කරනු දැකීම ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. ග්‍රාමසේවක මෙන්ම, මෙවැනි උන්ටද පස්ස බිම ඇනෙන්න එලවා නොදැම්මොත් ඉදිරියේදී පක්ෂයේ ඉතුරු ටිකද නැති කර සජිත් ගේ රෙදි ගැලවීමට යනු ඇත. ඒ නිසා දයාසිරි ට කීමට ඇත්තේ 'තමන් ගේ වැඩක් බලාගෙන හිටපන්' කියාය.
ලිපියේ ආමන්ත්‍රණය තිබුනේ " හිටං හුටං වෙත ලියමි " කියලද ?