(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත්  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක  බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.

රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට චෝදනා නගන ජයසේකර මහතා මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවේ නිල නිවෙසින් පිටව යෑම බවද   ඇමැතිවරයා කීවේය.

ආණ්ඩුව රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ අවස්ථාවේදී  ප්‍රකාශ කළ අවස්ථාවේදී ඊට පිළිතුරු ලබාදෙමින් විජේසේකර මහතා මෙසේ පැවසීය.

කංචන විජේසේකර මහතා:

ආණ්ඩුවේ ගෙදරක ඉදන් විපක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න එපා. විපක්ෂයේ කාර්යභාරය කරනව නම් ආණ්ඩුවේ ගෙදරින් යන්න. වරප්‍රසාද සියල්ල අතහැරලා යන්න

දයාසිරි ජයසේකර මහතා:

නිවසක් දෙන්න කියලා මම පාර්ලිමේන්තුවට ලිපියක් දීලා තිබෙනවා. මට කොළඹ නිවෙසක් නැහැ. ඒක දෙන්නේ හෙට උදේද මම යනවා. ඒ වෙනතෙක් විදුලි, ජල බිල් සියල්ල මම ගෙවලා තියෙනවා. එහෙම තියෙද්දි පුවත්පත් වල යනවා මම බිලක් ගෙවන්න තියෙනවා  කියලා.

කංචන විජේසේකර මහතා:

පීමියන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනව නම් ඊට වඩා අඩුවෙන් දෙන්න කෙනෙක් ඉන්නව නම් කියන්න අපි දෙන්නම්. කවුරු හරි සමාගමක් හරි, පෙනී සිටින සමාගමක් ඉන්නව නම් කියන්න. ඔබතුමා අපිට චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා කියල නේ. අප්‍රේල් මාසයේ ඇමැති ධූරයෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍යෙයන් මාස තුනයි නිල නිවසේ ඉන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ඔබතුමා පසුගිය මාස හයේ රජයේ නිල නිවසක ඉදගෙන ඒ කරපු මුදල් අවභාවිතා කියන්න. . තාම රජයේ ගෙදරක ඉන්නේ. ඇමැතිවරයා විදියට මට තීන්දු කරන්න බැහැ කගේ ගෙදරද විදුලිය කපන්නේ කියලා. කාගේ ගෙදරද විදුලිය දෙන්නේ කියලා. මැසගසින් බන්ධනාගාරයේ විදුලිය විසන්ධි කළා කිව්වම දෙන්න කිව්වා. සියලුදෙනාටම නීතිය පොදුයි. දීර්ඝ කාලයක් තිස්සේ ලිපි පිට ලිපි යවලා තිබෙනවා. ගෙවීම් නොකරපු කිසිම මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේක විතරයි ගෙවීමට ලක්කරන්න තිබෙන ගෙවීම.

දයාසිරි ජයසේකර මහතා:

ඊයේ ලියුම ගහලා පුවත්පත් වලට යවනවා ප්‍රචාරය කරන්න කියලා. උඩින් ලක්ෂ 11 ගාණක් දාල. යටින් ලක්ෂ හයයි කියලා දාල තිබෙනවා. මේ ගෙවීම් කරන්න තිබෙන්නේ මම වැඩ කළ අමාත්‍යාංශ තුනක. ලේකම්වරු කිහිප දෙනෙක් කතා කළා. මට නිල නිවසින් ඉවත් වෙන්න කියලා තිබෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයා ඇමැති ධූරය අතහැරලා නිල නිවසේ ඉන්නවා. තව ඇමැතිවරු ගණනාවක් ඇමැති ධූර නොමැතිව නිල නිවසේ ඉන්නවා. වරප්‍රසාද කමිටුව කොළඹ ඉන්න විදුලිබල අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරිවරයා ගෙන්වන්න.රිචඩ් පතිරණ, අතාවුද සෙනවිරත්න මහත්වරුන්ගේ සල්ලිත් මේකට දාල තිබෙනවා. මේ මම විතරක් ගෙවන්න ඕන ඒව විතරක් නෙවෙයි. මම ගෙවන්න තිබෙන මුදල් ටික එවන්න කියලා කිව්වා.පත්තර විස්තරවල දාලා මඩ ගමනවා.

කතානායකවරයා:

වරප්‍රසාද ප්‍රශ්නයක් විදියට ගෙනඑන්න.

කංචන විජේසේකර ඇමැතිවරයා:

එතුමා කියනවා පළමු ලිපිය ලැබුණේ සැප්තැම්බර් මාසයේ  කියලයි. මම යවලා තියෙන්නෙ මැයි මාසේ 26 වැනිදා.   මැයි මාසේ 26 ඉඳලා  කරලා නැහැ. මෙය නිරවුල් කරන්න කියලා ඉල්ලා  සිටිනවා.