IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලිමින් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කල අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.

පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්‍ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ඇතැයි පෙන්වා දෙමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කල අභියාචනය ප්‍රතික්ෂේප කිරරීමට අධිකරණය තීරණය කළේය.

බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂය ගත් තීරණය අභියෝග කරමින් තමන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කරමින් දුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කොට තිබිණී.

 



අදහස් (0)

දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site