IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දයාසිරි සී.අයි.ඩී යයි

(ඩයනා උදයංගනී)

තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.

දෙහිවල ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ අපි ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් කී මන්ත්‍රීවරයා කිසිවකු විසින් තම අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි ද පැවසීය.

තම අත්සන හොරට ගැසූ අය මෙන්ම අනුබල දුන් අය සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තමන් මෙම පැමිණිල්ල කළ බවද ජයසේකර මහතා සඳහන් කළේය.

මෙය කූඨ ලේඛන සැකසීම යටතේ කර ඇති බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසින් මෙම නාමයෝජනා පත්‍රය භාර දී ඇත්තේ සමන් අලගේෂ්වර නැමති අයකු බවත් ඔහුට එය ලබාදුන්නේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 



අදහස් (0)

දයාසිරි සී.අයි.ඩී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 774 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site