(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු අද (7) ලිපියකට අත්සන් තැබූහ.
හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.
මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගී වී සිටියහ.
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියවන අඳෝනාවලින්ම පෙනෙන්නට තිබෙනුයේ බලයට කෙතරම් තණ්හාවෙන් පෙලෙනේද කියා...? මහජනතාවට සේවය කිරීම නොව මොවුන්ගේ තනතුරු සහ වරප්‍රසාද ගිලිහීයාම මොවුන්ට ඉවසාදරා සිටීමට නොහැකි තත්වයකට මොවුන් දේශපාලන බලයෙන් මත්වී ඇත. දේශපාලනයට පැමිණිපසු මොහු ආරම්භ කළ දේශපාලන පක්ෂය කුමක්ද? සහ අවසානයේ නවතින්නේ කුමන දේශපාලන පක්ෂයේද? ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපලන නැට්ටුවන් දේශපාලන පෙරහරේ අවසන් ජවනිකා රඟදක්වමින් සිටියි..
මහාචාර්ය කියන්නේ වි විද්‍යාලයක තනතුරක් . එය ආචාර්‍ය වගේ අදාල පුද්ගලයට අයිති ටයිටල් එකක් නොවෙයි. සම්මානිත මහාචර්ය වරයෙකුට හැර වෙනත් අයෙකුට වී විද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසුව මහාචාර්ය කියා ඇමතීම වැරදයි නමුත් අපේ සමහර දේශපාලකයින් මෙම වරද දැන දැනම කරනවා ඉන් යම් වාසියක් ලබගන්න . එනිසා අප මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි . කොහොම උනත් මෙතන නම් සඳහන් සෙට් එකම ලබන චන්දෙදි ගෙදර යනවා. එය ස්ථිරයි .
එහාට මෙහාට පැනපු බයියෙක් ගැන මොකට කරදර වෙනවද? කලක් එජාප ආණ්ඩුවේත් හිටිය බුවෙක්....
මෛත්‍රී ගේ බල තන්හාව .චන්ද්‍රිකා ,මහින්ද,ගෝඨා,මෛත්‍රී ,මේ නිදහස් පක්ෂයේ විනාශයට මග පෑදූ අයයි
දැන් ශ්‍රී ලංකාවේ මිනිසාගේ ගැටලුව නිෂ්ඵල දේ සඳහා ඔබේ කාලය නාස්ති නොකරන්න
එක වතාවක් ආප්ප කාලා පාක්ෂිකයෝ පාවා දුන්නා... ඒ ආප්ප කෑමේ නාටකය අංක 01, ඔන්න ආපසු ආප්ප කෑමේ නාටකය 02ට සූදානම් වෙන්නේ මේ පාර අපි පොහොට්ටු හොරු සෙට් එකට සෙට්වෙන්න යන්නේ... හදන්න බොහෝම හොඳයි. හොරු ඔක්කෝම එක පැත්තකට යන එක...!