IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති

(ඒ.ජේ.කරඳගොල්ල)

මතුරට පදියපැලැල්ලේ, ඉඩමිපිටිය වඩුවාවල  දියවළේ  නෑමට ගිය  ඥාති සහෝදරයකු සහ සහෝදරියක් දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුරට  කැටයාපතන ගමෙහි පදිංචි වීරසිංහ මුදියාන්සේලාගේ අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල ( අවු.12) සහ වීරසිංහ මුදියාන්සේලාගේ දසුනි ප්‍රියංගිකා තත්සරණී ( අවු.13 ) නැමති ඥාති සහෝදරයකු සහ සහෝදරියක බව පොලීසිය පවසයි .

මෙි දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් වඩුවාවළෙහි සැඩ ජල පහරක් තිබී ඇත.

මියගිය දෙදෙනා දිය නාමින් සිටියදී ඥාති සහෝදරිය දියේ ගිළී ඇති අතර ඇය බෙිරාගැනීමට සහොදරයා උත්සහ දැරීමෙිදී ඔහුද දියේ ගිළී ඇත.

ඉන් පසුව සෙසු පිරිස කෑගසමින් අසල්වාසින්ගේ සහය ඉල්ලා ඇති අතර  එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින්ට පාසල් සිසුවියගේ සිරුර හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් ඇය රිකිල්ලගස්කඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

මියගිය සිසුවාගේ සිරුර අද දහවල් වන විටත් සොයාගෙන නොතිබුණි. එම අයගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.

 



අදහස් (0)

දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site