IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියබෙදුම පොලිසියෙන් අලුත් වැඩක්

(රුමේෂ් එම්. වීරසේකර)

පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට  සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී අද 11 වන දින පැවැත්විණි.

දියබෙදුම පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මඟින් සංවිධානය කර තිබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට දියබෙදුම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් නවයක කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සිදු කරන බවට හදුනාගත් පුද්ගලයෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

මෙහිදී මෙම වැඩසටහනට සම්බන්ධ වූ ො සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා මෙසේ කීය.

" අපි මේ වෙද්දි පියවර දෙකක් ඔස්සේ අපරාධ වැළැක්වීමට කටයුතු කරනවා, පළවෙනි එක තමා වැටලීම් කරලා දඬුවම් දීලා අපරාධ වළක්වනවා, දෙවෙනි එක තමා ඒ වැරදිවලට පෙළඹෙන අයට උපදෙසක් උපදේශනයක් දීලා වළක්වන්න බලනවා, මේ දෙකටම අවනත නැත්නම් අපි දිනපතා වැටලීම් කරනවා ගැලවීමක් නම් නෑ...ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න තියෙනවා නම් කියන්න අපිට අපි උදව් කරන්නම් රැකියාවක් කරන්න, දානපතියෙක්ගෙන් හරි උදව් අරන් දෙන්නම්...මේ වැඩ නතර කරන්න " යනුවෙනි.

මේ අවස්ථාවට අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේ විහාරාධිපති කලත්තෑවේ පඤ්ඤානන්ද හිමි, ප්‍රදේශයේ අධ්‍යාපන නිළධාරීන්, දියබෙදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කේ.එම්.සී.මදුසංක මහතා සහ ප්‍රජා පොලිස් ඒකකයේ සෙනරත් බංඩාර මහතා ඇතුලු ව සෙසු පොලිස් නිළධාරීහු පිරිසක් එක් වූහ. 



අදහස් (0)

දියබෙදුම පොලිසියෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site