(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය පිටිගල  ප්‍රදේශයට පවතින අධික වැස්සත් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකු පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොළකට පෙරලීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පිටිගල පොලිස් වසමට අයත් ගොඩාමුණ ,බංගමුකන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු සිය නිවෙසබලා යතුරු පැදියෙන් යමින් සිටියදී පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොලකට වැටී ඇති අතර ඔහුගේ හිස එහි ගලක වැදීමෙන් තුවාල වී තිබුණ බවත් පාරේ ගිය අය දකින විටත් ඔහු මියගොස් තිබුණ බවත් පොලිසිය පවසයි.