තම දියණියන් දෙදෙනා දුෂණය කළ මැලේසියානු ජාතිකයකුට එරට අධිකරණය වසර 702 ක සිර දඬුවමක් සහ කස පහරවල් 234 ක් ලබා දීමට නියම කළේය.

53 හැවිරිදි මෙම වරදකරු ඔහුගේ දියණියන් දෙදෙනා 2018 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ 30 වතාවක් දුෂණය කිරීමට වරද පිළිගෙන ඇත.

වරදකරුගේ දියණියන් දෙදෙනා 12 සහ 15 වයස්වල පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

වරදකුරු නිවාස දෙකකදී දියණියන් වරින්වර දුෂණය කර ඇති බවත් එක් දියණියක් දුෂණයට ලක්වීම හේතුවෙන් ගැබිනියක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ලිහිල් දඬුවමක්‌ ලබා දෙන ලෙස සැකකරු ඉල්ලමින් ගොනු කළ අභියාචනය විභාගයට නොගෙන ඉවත දමිමින් එරට අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ලබා දිය හැකි උපරිම දඬුවම මෙවැනි වරදකට ලබා දිය යුතු බවත් වරදකරු ඔහු සිදුකළ වරද පිළිබඳ පසුතැවීමට ඉන් ඉඩක් ලැබෙන බවත්ය