
(එස් ඩී කොඩිකාර )
විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස අවුරුදු 05 ක තම දියණිය කෲරත්වයට පත් කළ බව කියන පියෙකු පොලීසියට ලද පැමිණිල්ලක් මත අත් අඩංගුට ගත් බව දෙණියාය පොලීසිය පවසයි .
මෙසේ අත් අඩංගුට ගෙන ඇත්තේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුදලයෙකු බව පොලීසිය පවසයි .
සැකකරුගේ දෙවනි විවාහයේ දරුවා වන අතර ඇයට කොණ්ඩයෙන් අල්ලා පහර දෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර විදේශගතව සිටින බිරිද හට එම වීඩියෝ දර්ශන යාවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලීසිය කියයි.
සිය දරුවාට පහර දෙන වීඩියෝ දර්ශන නරඹා ඒ බව එම කාන්තාවගේ නාගොඩ ප්‍රදේශයේ පදිංචි මවට දැනුම් දීමෙන් අනතුරුව එම කාන්තාව දෙණියාය පොලීසිය (31) දා පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව දෙනියාය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියණියට වද හිංසා කළ පියෙක් අත්අඩංගුවට
ගෙමිදුල එස්. රනවල Sunday, 01 September 2024 02:49 PM
මෝඩ ගොබ්බ තාත්තලා. බිරිඳගෙන් හම්බකරලා කන්න බලාගෙන ඉන්න සැමියෝ පිරිමිකමටත් නින්දාවක්. තමන්ගේ තරමට ගැලපෙන අයුරින් ජීවත් වෙනවා නම් දෙන්නාට දරුවොත් එක්ක සතුටින් එකට ජීවත් වෙන්න පුළුවන් කම්මැලි නැති නම්, වුවමනාව තියෙනවා නම්, මොලයක් තියෙනවා නම් දියුණු වෙනවා කියන්නේ අමාරු නෑ. දන්නා නිසයි කියන්නේ. පුළුවන් නිසයි කියන්නේ. එදාවේල කන්න නැතුව ඉන්න අය බලන්නේ අල්ලපු ගෙදර මනුස්සයා ගත්තු වාහනයක් ගන්න. ඉතින් පුළුවන්ද?