
(එස් ඩී කොඩිකාර )
විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස අවුරුදු 05 ක තම දියණිය කෲරත්වයට පත් කළ බව කියන පියෙකු පොලීසියට ලද පැමිණිල්ලක් මත අත් අඩංගුට ගත් බව දෙණියාය පොලීසිය පවසයි .
මෙසේ අත් අඩංගුට ගෙන ඇත්තේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුදලයෙකු බව පොලීසිය පවසයි .
සැකකරුගේ දෙවනි විවාහයේ දරුවා වන අතර ඇයට කොණ්ඩයෙන් අල්ලා පහර දෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර විදේශගතව සිටින බිරිද හට එම වීඩියෝ දර්ශන යාවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලීසිය කියයි.
සිය දරුවාට පහර දෙන වීඩියෝ දර්ශන නරඹා ඒ බව එම කාන්තාවගේ නාගොඩ ප්‍රදේශයේ පදිංචි මවට දැනුම් දීමෙන් අනතුරුව එම කාන්තාව දෙණියාය පොලීසිය (31) දා පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව දෙනියාය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ගොබ්බ තාත්තලා. බිරිඳගෙන් හම්බකරලා කන්න බලාගෙන ඉන්න සැමියෝ පිරිමිකමටත් නින්දාවක්. තමන්ගේ තරමට ගැලපෙන අයුරින් ජීවත් වෙනවා නම් දෙන්නාට දරුවොත් එක්ක සතුටින් එකට ජීවත් වෙන්න පුළුවන් කම්මැලි නැති නම්, වුවමනාව තියෙනවා නම්, මොලයක් තියෙනවා නම් දියුණු වෙනවා කියන්නේ අමාරු නෑ. දන්නා නිසයි කියන්නේ. පුළුවන් නිසයි කියන්නේ. එදාවේල කන්න නැතුව ඉන්න අය බලන්නේ අල්ලපු ගෙදර මනුස්සයා ගත්තු වාහනයක් ගන්න. ඉතින් පුළුවන්ද?