IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස්.යූ.ඩබ්ලිව් කේ.ජයවර්ධන)

ත්‍රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරපොල බුදු මැදුර අසල සෑහෙන වෙලාවක් දණගස්වා තබන ලදැයි කියමින් සිසුවාගේ මව පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි.

බුදු මැදුර අසල දණ ගස්වා සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති නිසා දර්ශන දැක පුතා කම්පනයට සහ දැඩි ලෙස සිත් වේදනාවෙන් පසුවන බව කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලීසිය කියයි.

මෙම සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.

සිද්ධියට මුහුණ පෑ සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිසුවා දණ ගස්වන ලද බව කියන ත්‍රී රෝද රථ රියදුරා සහ එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හල පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ද අත්තනගල්ල පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (5)

දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා

කිරිපුතා Wednesday, 28 June 2023 11:26 PM

ඒ වගේ නරක මිනිහෙක් ගෙ දුවක් එක්ක ආදර සම්බන්ධතා ඇති කරගැනීමම දඬුවමක්

:       0       5

ලුම්බිණි Thursday, 29 June 2023 06:29 AM

වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හල පුද්ගලයා අත් අඩංගුවට ගන්නේ මොකටද? බුදු මැදුර අසල දණ ගස්වා සිටියේ ප්‍රසිද්ධියේ නේද?

:       2       6

චන්දිම ෆොන්සේකා.Thursday, 29 June 2023 12:14 PM

ඔබේ නොදත් කම ගැන කනගාටුයි. මෙතන පරමාර්ථය බුදු හිමියන්ට ගරු කිරීම නොව දෙනෝ දාහක් මැද ඒ ළමයාව ඉතා පහත් අන්දමින් ලැජ්ජාවට පත් කිරීම. මේක සාපරාධි ක්‍රියාවක්. ඒ මෝඩ ත්‍රිවිල් කරුවා ඒ බව කෙරුම් ගන්න තරම් බුද්ධිමතෙක් නොවේ. නිතිය අතට අරන් වැඩ කරන්න දඬුවම් දෙන්න කාටවත් බැහැ. ඒ වගේම මෙම හිංසාව මුළු ලෝකෙටම පෙන්නපු ඒකත් කැත චේතනාවෙන් කල එකක්. වීඩියෝ කල මිනිහට තිබුනේ ඒක මවුපියන්ට හරි පොලිසියට හරි යොමු කරන්න.

:       0       2

chandima Thursday, 29 June 2023 03:59 PM

පොලිසියටත් රිළව් පැනලා වගේ...?

:       0       0

Bunny Preena Friday, 30 June 2023 10:10 AM

තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන් කමක් නැත. තාත්තට තිබුණා තමාගේ දුවවත් එතැනම දණ ගස්සන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site