(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස්.යූ.ඩබ්ලිව් කේ.ජයවර්ධන)
ත්‍රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරපොල බුදු මැදුර අසල සෑහෙන වෙලාවක් දණගස්වා තබන ලදැයි කියමින් සිසුවාගේ මව පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි.
බුදු මැදුර අසල දණ ගස්වා සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති නිසා දර්ශන දැක පුතා කම්පනයට සහ දැඩි ලෙස සිත් වේදනාවෙන් පසුවන බව කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලීසිය කියයි.
මෙම සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.
සිද්ධියට මුහුණ පෑ සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිසුවා දණ ගස්වන ලද බව කියන ත්‍රී රෝද රථ රියදුරා සහ එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හල පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ද අත්තනගල්ල පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේ නරක මිනිහෙක් ගෙ දුවක් එක්ක ආදර සම්බන්ධතා ඇති කරගැනීමම දඬුවමක්
වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හල පුද්ගලයා අත් අඩංගුවට ගන්නේ මොකටද? බුදු මැදුර අසල දණ ගස්වා සිටියේ ප්‍රසිද්ධියේ නේද?
පොලිසියටත් රිළව් පැනලා වගේ...?
තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන් කමක් නැත. තාත්තට තිබුණා තමාගේ දුවවත් එතැනම දණ ගස්සන්න.