IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු 7 කට කොරෝනා

 (  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම විවිධ සේවා සමුපකාර  සමිතියට අයත් , දියගම මල්ශාලාවේ  කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව  තාවකාලිකව වසා දැමීමට  පියවර ගත් බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී . සමරසේකර මහතා  පවසයි

මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කල  පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය  කිරීමට පියවර ගත් බවද කියයි .

මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ  කළමනාකාර වරයාට සහ රියදුරුට  කොරෝනා  ආසාදනය වී තිබූ අතර පසුව ඔවුන්ගෙන් ආශ්‍රිතයින්   ඉලක්ක කරගනිමින්  සිදුකළ  පී.සී.ආර් පරීක්ෂණයේදී එම මල්ශාලාවේම සේවය කළ  තවත්  සේවකයින් පස්දෙනකුට වෛරසය  ආසාදනය  වී තිබූ  බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  පැවසීය

ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු  සේවකයින් දස දෙනෙකු  ස්වයං නිරෝධායනයට ලක් කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු  සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියට එරෙහිව  ඉදිරි පියවර ගැනීමට  නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි .

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            



අදහස් (0)

දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු 7 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site