(ෂේන් සෙනෙවිරත්න)
මහවැලි ගඟේ නාවලපිටියේ පිහිටි අතු ගංගාවක දිය නාමින් සිටියදී දියේ ගිලි අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ සිසුවා මියගිය බව පොලිසිය කියයි .
එසේ මියගොස් ඇත්තේ ඉසුරු මදුරංග තිලකරත්න (24) නැමැති කටුගස්තොට රත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියයි .
එම සිසුවා සමග සිසුන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි මස 24 වැනි දින නාවලපිටිය රෝහලේ සායනික පුහුණුවකට ගොස් එය නිමා කිරීමෙන් අනතුරුව එහි සිසුන් කිහිපදෙනෙකු මහවැලි ගඟේ අතු ගංගාවක දිය නාමින් සිටියදී මියගිය සිසුවා ජලයේ ගිලි අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදු කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd