(සුජිත් හේවාජුලිගේ )

වරාය ගැඹුරු කිරීමේ කටයුතුවලින් ඉවත් කර තිබූ දිය කොව්ලා හා හංසකාවා යාත්‍රා දෙක වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒ මෙහෙයුම් සඳහා නැවතත් යොදවනු ලැබීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් එම යාත්‍රා දෙක සේවකයින් හිගකම හේතුවෙන් වරාය ගැඹුරු කිරීමේ, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුම් වලින් ඉවත් කර ඇති බව සේවකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

ඒ අනුව අමත්‍යවරයා මේ පිළිබඳව සොයා බැලීමට බණ්ඩාරනායක පර්යන්තයට පැමිණියේය.