(කාංචන කුමාර ආරියදාස)
යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ම කාලයක සිට මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරමක නිරතව සිටී සැක්කරුවකු බව දඹුල්ල මුලස්ථාන පොලිසිය කියයි.
යාපනයේ සිට ගංජා තොගයක් දඹුල්ලට ප්‍රවාහනය කර ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය කණ්ඩායමක් වෙත තොරතුරු ලැබී තිබිණි,ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ජාවාරම්කරු සැරිසරන ප්‍රදේශ සහ ස්ථාන කීපයකට පිටත් කර යැවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .කේ .ඇල්ලේපොල මහතා පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ජාවාරම් කරන ලොක්කෙක් අල්ලලා මේ වගේ පොලිස් මහත්වරුත් එක්ක පින්තුරයක් කවදා දකින්න ලැබෙයිද?
කාගෙහරි දේශපාලුවෙක්ගේ වෙන්නැති... ප්‍රමිතිය මාරයිනේ...
ඕවා ටික අර ඇමැතින්ට ගිහින් දුන්නා නම් හරි...
ඩයනාට කියන්න අල්ලපු ගංජා ටික අපනයනය කරන්න කියලා යුරෝපයට...
මේක හරි වැඩක්නේ. දැන් අර ඩයනා නෝනාගේ යෝජනාවකින් මේවා නීතීගත කෙරුවා කිව්වා නේද? දැන් මොකෝ මේ ඒවා අල්ලන්නේ..? හෙට, අනිද්දා කසිප්පුත් නීතිගත කරලා සෝමාලියාවට හරි යැව්වා නම් අපේ මිනිස්සුන්ට ස්වයං රැකියා ලැබෙයි.