
(කාංචන කුමාර අරියදාස)
පළාත් පාලන ඡන්දයෙන් පැහැදි ජයක් ලබාගැනීමට නොහැකි වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගය පක්ෂයෙ ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා තේරිපත් විය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 15කි.
පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගය පක්ෂය ප්‍රාදේශීය සභාව ජයග්‍රහනය කළ ද එහි වැඩි බලය විපක්ෂයට හිමි විය.
මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කේ .පී .කේ .අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාපතිවරයකු තෝරාපත් කරගැනීම ඡන්දය පැවැත්විණි.
පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ කේ.ජී . සෝමතිලක, ජාතික ජනබලවේග පක්ෂයේ ඩබ්ලිව් .එම්. තිලකරත්න සහ සමගි ජනබලවේගය පක්ෂයේ සුසිල් හේරත් යන සභිකයන් තිදෙනා නම් සභාපති සඳහා යෝජනා වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd