IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


දඹුල්ලට එළවලු අඩුවෙයි

(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට  අද(29)එළවළු ලැබීම සියයට 75කින් අඩුවී එළවලු මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ විශාල අඩුවීමක් පවතිවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

එමෙන්ම එළවලු මිලද  ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දෙන වෙළඳුන් කියා සිටින්නේ විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල ලොකු ලූනු ආදී   වර්ග වල ද මිල ඉදිරි දින කිහිපය තුළ ඉහළ යනු ඇති බව කියති.

මීට පෙර එම   අර්තාපල්  ලොකු ලූනූ උන්ඩියල්  ක්‍රම හරහා මෙරටට ගෙන්වූ බවත් රජය උන්ඩියල්  ක්‍රම හරහා ගෙන්වීම තහනම් කිරීම් නිසා මෙම ද්‍රව්‍ය මිල  වැඩි වශයෙන් ඉහළ   යමින් පවතින බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති

 ආර්ථික මධ්‍යස්ථානයේ  එළවළු බොහෝමයක් ලොරි රථවලි වලින් නොමැතිව යතුරු  පැදි පා පැදි ත්‍රිරෝද රථවලින් රැගෙන  අයුරු දකින්නට ලැබිණිි.

ඒ හෙයින් එළවලු සීමිත ප්‍රමාණයට ලැබෙන අතර වෙනදා ගෝනි වල පොහොර බෑග් වල අලෙවි කළ එළවළු සොපින් බෑග් වල අලෙවි කිරීම්ට තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

 තෙල් පොහොර කෘමිනාශක වර්ග නොමැතිවීම නිසා ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වීම සීමිත එළවළු ප්‍රමාණයක් පමණක් වගා කිරීම නිසා එළවළු අස්වැන්න සියයට 75 කට වඩා අඩු ප්‍රමාණයක් පවතින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

වෙනත් දිනවල එක වෙළඳසසැලකට එළවළු කිලෝ  20000 ක  පමණ ප්‍රමාණයක් ලැබුණද මේ  ද මේ දිනවල එළවළු කිලෝ 500 ත් 600 අතර ප්‍රමාණයක් පමණක්    ලැබෙන බව ද ඒවා ද මිලදී ගැනීමට එන වෙළෙන්දන් සීග්‍රයෙන් අඩු වීම මිල ඉහළ යෑම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු අඩපණ වෙමින් පවතින බවද වෙළෙන්දෝ පෙන්වාදෙති

 ඉදිරි දින කිහිපය වන විට ඇතැම් විට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් පවා වසා දැමීමේ අවදානමකට ලක් වෙමින් පවතින බව එම ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.



අදහස් (0)

දඹුල්ලට එළවලු අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17302 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site