
(නිමල කොඩිතුවක්කු)
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ සභිකයින් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (16) සිට අත්හිටුවා තිබේ.
පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේදී පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි එහි සඳහන් වේ.
ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයන් වන සුසිල් හේරත්, අනිල් ඉන්ද්‍රජිත් දසනායක, ධනංජය සම්පත් කරද්දගොල්ල, ප්‍රියංජන කුමාර රත්නායක, කුසුමා කුමාරි, දිල්රුක්ෂි ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදා පරදින පක්ෂයක සාමාජිකත්වය තිබුණා කියලා මොනවා කරන්නද? එම 6 දෙනාට නම්බුවක් ඔතැනින් යන එක...
මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව සමගි ජන බලවේගයේ සමගිය කවදාක හෝ ඇතිවේවා යන්නයි...
ඊට කලින් තමුන්ගේ නායකයාගේ තහනම් කරන්න ඕනෑ. වේදිකාවල කිව්වේ කොහොමද? මැරුණත් හොරු එක්ක මේ සජිත් එකතු වෙන්නේ නෑ කියලා...!