(අංජුල මහික වීරරත්න)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද අලුත්ගමගේ මහතා පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් පැවසූ අමාත්‍යවරයා දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්ද ඇමතිටම පුළුවන්නේ ගෙදරින් ගෙදරට එළවලු අරගෙන ගිහින් විකුණන්න. ඇයි අමතකද දේශපාලනේට එන්න කලින් පස්ස පැත්ත ඉරුණු කලිසමත් ඇඳගෙන, තඩි සුට්කේස් දෙකකුත් උස්සගෙන සේල්ස්රෙප් කෙනෙක් වගේ බඩු විකුණුවා ගෙවල් වලට ගිහිල්ලා....
කටින් බතල කොළ සිටවමු වැඩසටහනේ ජාතික සංවිධායක - මහින්දා නන්ද
පච රැල