(කාංචන කුමාර ආරියදාස)
පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතල තුවාල සිදුකළේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුව ද සමග අද(05) අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොහොරන්වැව වසමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර යන අය බව පොලිසිය කියයි.
ජලාශ පාර ප්‍රදේශයේ පදිංචි නලින් ජයරත්න පෙරේරා(35) යන අය මන්ත්‍රීවරයාගේ කඩුපහරට ලක්ව තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මන්ත්‍රීවරයා අද(05) එම පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් කඩුවකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම පහර දීමට හේතුව දෙපිරිස අතර පැවති පවුල් ආරවුලක් මුල් කරගෙන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි මල්ලි. පළාත් සභාවට අවශ්‍ය මූලික සුදුසුකම සපුරලා තියෙනවා. දේශපාලනයට ඔබ මසුරං.
අපි කිව්වනේ සිංහල ගෙවලුත් චෙක් කරන්න කියලා ඇහුවේ නැහැනේ...