
(රෝෂන් තුෂාර)
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යැයි ඇප මත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන්ගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා මහතා අද (28) නියෝග කළේය.
දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝග කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ මහතා කළ ඉල්ලීමක් පරිදි මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd