IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුල්ල ක්‍රීඩකයෝ නැවතත් පෙරමුණට එති

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස අද (12) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ලකුණු 50 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙය දඹුල්ල පිල තරඟ 7 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල ලකුණු 46 කට කඩුලූ 4ක් දැවී අසීරු තත්වයක සිටියදී බෙන් මැඩ්නමට් (නොදැවී 69) සහ ඇලෙක්ස් රෝස් (52) පස්වැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ. දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 4 ට 166 (බෙන් මැඩ්නමට් නොදැවී 69, ඇලෙක්ස් රෝස් 52 මතීෂ පතිරණ 36/2) කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 116 (නිරෝෂන් දික්වැල්ල 17, මොහොමඩ් නවාස් 20, නුවණිදු ප්‍රනාන්දු 21, බිනුර ප්‍රනාන්දු 18/2, හසන් අලි 16/3, නූර් අහමඩ් 14/2, දුෂාන් හේමන්ත 16/2 )



අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ නැවතත් පෙරමුණට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site