(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ වෙළඳ සැලක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳ සල සම්පූර්ණයෙන්ම වනාස වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට බෑග් කාඩ්බෝඩ් පෙට්ටි සහ කෘෂි උපකරණ ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසලක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය කියයි.

16 දින රාත්‍රියේ හදිසියේ ඇතිවූ මෙම ගින්නට හේතුව විදුලි කාණ්ඩුවක් විය හැකි බවට පොලිසිය සැක කරනු ලබයි.

දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව පැය ගණනාවක් ගින්න මැඩ පැවැත්වීම සඳහා උත්සාහයක නිරතවී තිබේ.