IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20  රාත්‍රී 10 ට  විවෘත කිරීමත් සමග  ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන්  විශාල වශයෙන් පැමිණීමත් සමග  එළවළු මිල ද වෙනදාට වඩා  විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

දිවයින පුරා  එළවළු වගා කළ ගොවින් නිශිපාදන දඹුල්ලට රැගෙන ආ අතර රාත්‍රී කාලයේම ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට අවසර ලබාදී තිබිණි . ලැබෙන  එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල  මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ  පවසති .

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21  දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව  තිබිණි.

බෝංචි 280 -300, ගෝවා 150 ත් 160 ත්, අමුමිරිස් 150ක් 200ත් ,  ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල  280 -300 ත් , කැරට්  140- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් ,  මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා80 ත් 90 ත් වම්බටු 140 -150  මෑ කරල් 150 - 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220  නොකොල් 90 ත් 110 ත් , මුරුංගා 300 ත්  කැකිරි 100 ත් 105 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .



අදහස් (10)

දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 June 2021 11:00 AM

කොරේ පිටට මරේ වගේ මේ කරදර මැද්දේ තෙල් මිලත් අහස අල්ලන්නට ගියානේ ... ඒකෙන් වුනේ කබලේ හිටපු කෙනා ලිපට වැටීමක්.

:       1       72

Rata Perata Monday, 21 June 2021 12:23 PM

දිනකට කුසගින්නෙන් මියයන මිනිසුන්ගේ ගනන් ප්‍රකාශයට පත්කරන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි වගේ.

:       23       76

Kumara Monday, 21 June 2021 01:41 PM

සැපද? කියලා අහපු මම දැන් නේද?

:       0       15

janahitha Monday, 21 June 2021 01:58 PM

කෘමිනාශක සහිත ආහාර... මේවා ඔක්කොම විනාශ කරන්න ඕනෑ. එය අනාගත දරුවන් වෙනුවෙන් කළ යුුතුමය.

:       6       4

anagatha Monday, 21 June 2021 02:00 PM

වවාගෙන කාපල්ලා... පිළිකා, වකුගඩු රෝගවලින් මතුපරපුර බේරගන්න නම් දඹුල්ලේදී විරෝධය දක්වමු. වර්ජනය කරමු... මේ විෂ සහිත එළවළු...

:       8       18

thusharaMonday, 21 June 2021 04:00 PM

අපි ඉන්නෙ තට්ටු ගෙවල් වල කුලියට. වවා ගන්නෙ කොහේද

:       0       2

fairoos Monday, 21 June 2021 02:10 PM

ආණ්ඩුව ආර්ථික ඔස්තාර්ලාගේ වැඩ හින්දා තමයි..

:       1       27

Nihal Monday, 21 June 2021 02:25 PM

ගොවියාගේ සැනසීම, පාරිභෝගිකයාගේ වැනසීම...

:       0       25

aseMonday, 21 June 2021 03:58 PM

ගොවියාට නම් වාසිය අපි කැමති , නමුත් මෙතන ගසාකෑම් වෙන වෙන අය

:       0       1

ගමේ එකාලා Monday, 21 June 2021 03:33 PM

ඔන්න බලාපල්ලා... කල දුටු කල වළ ඉහගන්න එකාලගේ හැටි..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site