IMG-LOGO

දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ධනංජය ද සිල්වා නායකකත්ව දරණ දඹුල්ල අවුරා පිල අද (17) සමත් විය.  

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී දඹුල්ල අවුරා කඩුලු 6 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට පිල සමත් විය.

මෙම තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් පිලත්, බී - ලව් කැන්ඩි පිල සහ ජැෆ්නා කිංග්ස් පිල අතර අද රාත්‍රී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අනිද්දා (19) පැවැත්වේ.

දඹුල්ල අවුරා පිල ලකුණු 147 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

කුසල් ජනිත් පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.

ලසිත් කෘස්පුල්ලේ, ගෝල් පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 61 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

වමතින් වේග පන්දු යවන හයිඩන් කීර් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 146

(ලසිත් කෘස්පුල්ලේ 80, ශකීබ් අල් හසන් 19, ළහිරු සමමරකෝන් 15, හයිඩන් කීර් 18/3, නූර් අහ්මඩ් 27/2)
දඹුල්ල අවුරා පිල ඕවර 19.4 කදී කඩුලු 4 ට 147

(අවිෂ්ක ප්‍රනාන්දු 24, කුසල් මෙන්ඩිස් 49, කුසල් පෙරේරා 53) 



අදහස් (0)

දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site